(තිළිණි ද සිල්වා)
ඌව පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවු බව ඌව පළාත් ප්‍රධාන ලේකම්, පී.බී විජයරත්න මහතා අද (19) පවසීය.
ඒ අනුව සැප්තැම්බර් මස 15 වන දින දක්වා ඌව පළාත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව නවතා ඇතැයි පළාත් ප්‍රධාන ලේකම්වරයා කීය.
ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා ඇති කාලයේ දී, දඩ අය කිරීම සිදුනොකරන බවත්, අන්තර්ජාලය මඟින් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පහසුකම පෙර පරිදිම ක්‍රියාත්මක බවත් ඌව පළාත් ප්‍රධාන ලේකම්, පී.බී විජයරත්න මහතා නිවේදනය කරයි.
එම කාලය තුළදී ඌව පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුල්‍ය කළමනාකරණ) කාර්යාලය ඇතුළුව ඌව පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හා ඒ ආශ්‍රිත සේවා ක්‍රියාත්මක නොවන බවද හෙතෙම කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd