
(අමිල සම්පත් ශ්‍රී)
ඉදිරියේදී වී මිල ඉහළ යන නිසා වි අලෙවියට හදිසි නොවී අත්‍යවශ්‍ය ප්‍රමාණය පමණක් විකුණා ඉතිරි වී ටික තියා ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවීන්ගෙන් ඉල්ලා සිටියේය.
පශු සම්පත් මණ්ඩලයේ වීරවිල ශාඛාව නිරීක්ෂණ චාරිකාවකට පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ගොවීන් සමග සාකච්ඡා කළ අවස්ථාවේදී සහතික මිල ලෙස රුපියල් 90 ට පැවති වී මිල ඉහළ නංවා දෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වූ බැවින් ඒ බව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම කන්නට වී මිලදී ගැනීමට අවසර නොලැබුණු බවත් එහෙත් නැවත වතාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කර මහත් පරිශ්‍රමයකින් පසු සහතික වී මිල රුපියල් එකසිය විස්ස 120 ,125, 130 දක්වා ඉහළ නංවා ගැනීමට හැකිවූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ වන විට රුපියල් එකසිය හතළිස් හතක් වන ලෙස ඉන්දියාවෙන් සහල් ආනයනය කර ඇති පසුබිමක නැවත රටින් සහල් ආනයනය නොකර දේශීය වී ගොවියාද රැකගනිමින් පාරිභෝගිකයාට ද සාධාරණ මිලකට සහල් අලෙවි කිරීමට වී අලෙවි මණ්ඩලයේ ඇති සහල් මෝල් භාවිතා කර වී සහල් කොට ප්‍රමිතියෙන් උසස් සහල් ජනතාවට ලබා දීමට කටයුතු කර ඇති බව අමරවීර අමාත්‍යවරයා සඳහන් කළේය.
COMMENTS
ඔය මණ්ඩලේ විකුණලා ලැයිස්තුවට දාන්න. ඔය මණ්ඩලෙන් රටට වෙන/වුන කිසිම සේවයක් නැහැ. නිකන් බරක් විතරයි.ගිය පාර වී මෙට්‍රික් ටොන් බර ගානක් සවුත්තු වෙන්න හැරලා සත්ව අහාර වලට වික්ක. මණ්ඩල තියෙන්න ලාභ උපයන්න , නමුත් වෙන්නේ හොරා කන මිනිස්සු නිසා භාණ්ඩාගාරයට බරක් වෙන එකයි.
ගොවියාට සහල් ගෙදර තියාගන්න කියා ඉන්දියාවෙන් සහල් ගෙන්වන්න. ජනතාවගේ මුදලින් ගොවියන්ට පොහොර සහනාධාර දුන්නොත් ආණඩුවට හෙනගහනවා.
එතකොට ඇමැතියෝ, සහල්මිල වැඩි වුණා නම් පාරිභෝගිකයා මොනවද කරන්නේ...?