(මහින්ද නිශ්ශංක)
අයි. ඕ. සී. සමාගම ද ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 8 කින්ද, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 8කින් හා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 6 කින් ඉහළ නංවා තිබේ.
මෙයට අමතරව සමාගමේ නිෂ්පාදනයක් වන එක්ස්ට්‍රප්‍රමියන් යුරෝ 3 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6කින් සහ එක්ස්ට්‍රා ඔයිල් ඩීසල් ලීටරයක මිල රුපියල් 6කින් වැඩි කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ලාංඡනය වගේ තමා අපිට දුවන්න වෙන්නේ මේ යන විදිහට.
අයිඕසී සමාගම ලාභය ලෙස අපේ රටෙන් ඩොලර් එලියට අරන් යනවා. රුපියල ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙනවා. එමනිසා ලෝක වෙළඳපොලේ බොර තෙල් බැරලය සහ අපේ රුපියල අතර පරතරය වැඩිවෙනවා. මිල සුත්‍රය අනුව නැවත වතාවක් 10 වෙනිදාට ඉන්ධන මිල ඉහළ යනවා. අයිඕසී සමාගමේ මෙහෙයුම් ලාභය අමතර පිරිවැයකින් තොරවම වැඩිවෙනවා. ඒ ලාභය ඩොලර් වලින් ඔව්න් නැවතත් ඉන්දියාවට ගෙනියනවා. නැවත නැවතත් අපේ රටේ ඩොලර් හිඟය ඇතිවෙනවා. මේක හරිම චක්‍රකාර පිළලයක්. විකුණාගෙනම කන්න බලන් ඉන්න දන්නා පාලකයෝ පත්කරගත්ත ජනතාව මේ ප්‍රතිපල අත්විඳීම එක අතකින් සාධාරණයි. නමුත් සමස්ත ජනතාවටම මේ දුක උහුලන්න වීම තමයි කනගාටුව. දැන්වත් අලුතින් හිතන්න පටන් ගැනීම තමයි විය යුත්තේ.
වල ඌරා කැකුණ තලනකොට හබන් කුකුලට ජයලු !!
මහින්ද ආණ්ඩුවේ බඩු මිල දැකලා කිබුල් කදුළු හෙලලා මේ ආණ්ඩුව බලයට අවා. දැන් මාසෙන් මාසෙට තෙල් මිල වැඩි කරනවා.....
මෙයාල මාසෙන් මාස රැස්වෙන්නෙක මෙයාලටත් මහන්සි, අනවශ්‍ය වියදම්. එම නිසා එක පාරටම 2020 දක්වා මාසික වැඩි වෙන්න ලැයිස්තුව හැලිකරන්න. සූත්‍රය කියන්නේ මිල අඩුවෙන්නෙක නොවෙයිනේ. එතකොට ජනතාවටත් තීන්දුවක් පහසුවෙන් ගන්නත් පුළුවන්.
අයිඕසී සමාගම ලංකාවේ ව්‍යාපාරික කටයුතු කරන්නේ විදේශීය ආයෝජකයෙකු ලෙසයි. ඕනෙම විදේශීය ආයෝජකයෙකු තම ලාභයෙන් යම් ප්‍රමාණයක් රටෙන් ඩොලර් වශයෙන් එලියට අරන් යන බව ඇත්ත. නමුත්, ඔවුන් ලබන ලාභයෙන් රජයට බදු මුදල් ගෙවන අතර ඔවුන්ගේ ව්‍යාපාර තුලින් ලාංකිකයින් බොහෝ දෙනකුට රැකියා සපයන බවත් අමතක නොකළ යුතුයි. මෙවැනි ආයෝජන රටේ නොතිබුනානම්, මා ඉහත සඳහන් කල දේ අපට අහිමි වීමට ඉඩ තිබුනා.
මහින්දගේ කාලේ බොර තෙල් බැරලය ඩොලර් 91.29 ට අරගෙනත් මීට වඩා අඩුවට තෙල් දුන්නා. අද කියනවා බොරතෙල් බැරලය ඩොලර් 80 නිසා අඩුවට දෙන්න බැහැලු..
අපේ ඩොලර් වියදම් කර රටට ගෙන තෙල් ටික අපේම මිනිසුන්ට විකුණලා ඒ ලාභය ඩොලර් කර උන්ගේ රටට යවනවා. යකෝ මේක මාර විහිළුවක්නේ. අපිට මොන ලාභයකටද අපි මෙහෙ තියාගෙන ඉන්නේ? ඉන්දියානුවෝ ඔවුන්ගේ ඩොලර් වලට තෙල් මෙහාට ගෙන එනවාද? දන්නා කෙනෙක් කියන්න.