
(සුරංග රාජනායක)
මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ කොළ තොගයක් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් අත්අඩංගුවට ගත් බව ගම්පොල පොලිසිය කියයි.
තේ සඳහා නිකුත් කරන ඉහළ ප්‍රමිති සහතික ඇතුළත් ලාංඡන ගැසූ බෑග් තිස් හතරක මෙම කසළ තේ අසුරා තිබූ බව පොලිසිය පවසයි.
ලැබුණු තොරතුරකට අනුව තේ මණ්ඩලය නිලධාරින් සමග පොලිසිය ගම්පොල නගරයේ නිදහස් මාවතේ දී මෙම කසල තේ ලොරිය අල්ලා ගෙන තිබුණි.
උඩුනුවර වෙලම්බොඩ ප්‍රදේශයට රැගෙන යමින් තිබූ මෙම තේ තොගය සමග එක් සැකකරුවකු ද අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ තේ එකක් බීපු ජර්මන් ජාතිකයෙක් කිව්වා... මේ තේ එකේ තෙල් රසක් තියෙනවා කියලා. ඉතින් අපිත් ඒක බීලා බලපුවාම, අපිට දැනගන්නට ලැබුණේ මේ තේවල ‘‘භූමිතෙල්‘‘ රසක් තියෙන බවයි...