IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බස් නැති අවස්ථාවක ගාස්තු වැඩිකිරීම අසාධාරණයි

(ඩයනා උදයංගනී)

පෞද්ගලික බස්රථවලින් සියයට 90ක් ධාවනය කළ නොහැකිව මගීන් අසීරුතාවට පත්ව සිටින අවස්ථාවක බස් ගාස්තු වැඩිවීම අසාධාරණ බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

රට තුළ ඉන්ධන නොමැති අවස්ථාවක ඉන්ධන මිල වැඩිකළ ආණ්ඩුව බස් ධාවනය නොවන අවස්ථාවක බස් ගාස්තු ද වැඩි කර ඇතැයි කී සභාපතිවරයා මෙවැනි ආණ්ඩුවකින් රටට පලක් නැතැයි ද සඳහන් කළේය.

වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ කොඩිව් වසංගතය පැවති සමයේ ආසන සංඛ්‍යාවට මගීන් ගෙනයාම සඳහා වැඩිකළ බස් ගාස්තුවත් සමඟ වැඩිවූ බස් ගාස්තුවක් බව කී විජේරත්න මහතා දැන් වහලයේ සහ බස් රථ පිටුපස එල්ලී යන මගියාත් ආසන ගාස්තුව ගෙවිය යුතුව ඇතැයි කීවේය.

බස් ගාස්තු වැඩිකිරීමේ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මකවීමේ වරදක් නැතත් වැඩිවන ගාස්තුව ක්‍රියාත්මකවීම ඉන්ධන ලැබී බස්රථවලින් සියයට 75ක්වත් ධාවනය වීම ආරම්භ වන තුරු කල්දැමීම වඩාත් සුදුසු බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

පවතින තත්වය දෙස බැලීමේදී ඇත්තේ දැඩි කලකිරීමක් බවත්, අවම බස් ගාස්තුව රුපියල් 40ක්  දක්වා වැඩිකළ විට බොහෝ මගීන් එම දුර පයින් යාමට පෙළඹීමෙන් බස් කර්මාන්තයට ගැටලු ඇතිවිය හැකි බවත් කී සභාපතිවරයා දැන් තමන්ට ද අරගල භූමියට යාමට සිතී ඇතැයි පැවසීය. 



අදහස් (8)

බස් නැති අවස්ථාවක ගාස්තු වැඩිකිරීම අසාධාරණයි

Chinthaka Thursday, 30 June 2022 01:21 PM

පුදුමයි ඒත් ඇත්තයි...!

:       3       30

de silva Thursday, 30 June 2022 01:56 PM

මේ මනුස්සයා කියන කතාව ඇත්ත. රුපියල් 40ක් ගෙවා බස්එකේ සාඩින් පැක්කළා මෙන් යනවට වැඩිය කෙටි දුර පාගමණින් යන එක ඇඟට ගුණයි.

:       3       28

ravin Thursday, 30 June 2022 02:10 PM

මෙයා කොහෙන්ද කතාකරන්නේ? දැන් දවස් කීපයකට ඉස්සෙල්ලා කිව්වා නේද බස්ගාස්තු වැඩිකිරීමට අවශ්‍යයි කියලා. මෙයා ජීවත් වෙනවා කියන්නද මේ හදන්නේ... නැතිනම් කප්පම්ද?

:       2       22

dasthakeer Thursday, 30 June 2022 02:29 PM

දැනටමත් කිලෝමීටර 2 යන්නේ පයින්ම තමයි.

:       0       19

ඔෂාන් Thursday, 30 June 2022 02:47 PM

තෙල් නැති නිසා මමයි, නෝනයි පුතාල දෙන්නයි අවශ්‍යතාවයකට බස්⁣ එකේ 11km ගිහින් ආපස්සට ආවා. ගමන් දෙකටම අපි හතර දෙනාටම 640ක් ගියා. මට වැගන් ආර් එකක් තියෙන්නේ ඒකේ ගියානම් තෙල් ලිටර 1 යි යන්නේ. එහෙනම් මට රුපියල් 450යි යන්නේ. කට්ට කාලා බස් එකේ ගිහිල්ලත් මට 190ක් පාඩුයි. මේ අයගේ බස් ගාස්තු නම් පුදුම අසාධාරණයි. දැන් ආයෙත් වැඩි කරන්න හදනවා.

:       1       23

fairoos Thursday, 30 June 2022 02:57 PM

මේ කාලකණ්ණි ආණ්ඩුව සහ නන්දසේන රටට කළ විනාශය...!

:       7       18

කතාබස් Thursday, 30 June 2022 07:10 PM

මේ විදිහට බස්ගාස්තු වැඩිකිරීම නීති විරෝධියි. කොරෝනා කාලේ සීට් එකට එක මගියා ගානේ යන හේතුව මත බස් ගාස්තු වැඩි කළා. මුලින්ම ඒ වැඩිකළ නීති විරෝධී ගාස්තුව අඩුකර ඉන්පසු සාමාන්‍ය ගාස්තු සංශෝධනයක් කළ යුතුයි. අද බස් එකේ යන අයටත් මේවා අමතකයි. වැඩිකළ ඇමතියත් නෑ.. වංචාව විතරක් අපූරුවට කරගෙන යනවා... වැඩිකරන තරමට ගෙවන බත්කන හරක් ඉන්න රටක වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.

:       0       0

sugath Thursday, 30 June 2022 07:26 PM

මෙයා දැන් කොහෙන්ද කතා කරන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 746 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site