Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2023 පෙබරවාරි මස 03 වන සිකුරාදා
(විනීතා එම් ගමගේ)
නවකවදය තහනම් බව පවසමින් ආවා කල්ලිය විසින් සකසන බව සඳහන් දැන්වීම් යාපනය සරසවියේ කලා අංශයේ අලවා තිබූ බවත් සරසවිය තුළ නවකවදය නොදෙන බවට පොරොන්දු වෙමින් එහි ශිෂ්‍ය සංගම් විසින් ද පෝස්ටර් දැන්වීම් අලවා ඇති බවත් යාපනය විශ්වවිද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
එම විශ්ව විද්‍යාලයේ මෙම පෝස්ටර් ව්‍යාපාරයෙන් පසු නවකවදය සිද්ධීන් කිසිවක් වාර්තා නොවූ බවත් නවක සිසුන් ඒ පිළිබඳ සතුටින් පසුවන බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.
යාපනයේ බිහිවී ඇති විවිධ නම්වලින් හඳුන්වන කල්ලි කිහිපයක් මේ වනවිට ක‍්‍රියාත්මක වෙමින් ඇති බවත් ජන ජීවිතයේ නොයෙක් කටයුතුවල දී මොවුන් මැදිහත් වී සිටින බවත් යාපනයෙන් වාර්තා වේ.
මෙම පිරිස් නීති විරෝධී මත්පැන් පෙරන ස්ථාන ඇතුළු නීති විරෝධී කි‍්‍රයාකාරකම් කෙරෙන ස්ථානවලට ගොස් පුද්ගලයන්ට තර්ජනය කරන බවත් මේ නිසා සාමාන්‍ය ජනතාව දිනාගැනීමට ඔවුන් සමත් බවත් එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.
සින්නයියා Friday, 12 April 2019 06:12 AM
නවක වදය නරක වුවත් එයින් ජ්‍යෙෂ්ඨ සිසුන්ට නවකයින් ගරු කරන තත්වයක් ඇතිවෙනවා. එයින් හොඳකට තිබුනේ එය පමණයි. මොවුන් එයටත් ප්‍රතිකර්මයක් කරන අතරතුර ජාතිවාදය නැතිකිරීමටත් යමක් කරනවානම් හොඳයි.
Reply : 930 9
ධනුෂ්ක Friday, 12 April 2019 02:05 PM
අැත්ත වශයෙන්ම සමාජ විරෝධී දේවල්වලට එරෙහිව සමාජයේ මිනිසුන්ම නැගිටිය යුතුයි. අවදිවිය යුතුයි. නමුත් මේවා කල්ලි වශයෙන් නොව බහුජන සංවිධාන ලෙස ගොඩ නැගිය යුතුයි. කල්ලි වශයෙන් බිහිවන කණ්ඩායම් මුල්කාලීනව යහපත් දේ සිදුකළත් අවසාන වශයෙන් ඉතිහාසය ගත්තොත් විනාශකාරී පැත්තට යොමුවෙන අවස්ථා වැඩියි. මාලිගාවත්තේ පැවති සමාජවිරෝධි දේවල්වලට එරෙහිව සටන් කළ රගර් ටීම් එක නැවතුණු තැන ඊට හොඳම නිදසුනකි. කෙසේවෙතත් මේවන් දේවල් විශාල සමාජ පෙරලියක මූලික ලක්ෂණ විය හැකිය.
Reply : 0 0
Bamunuarachchi Saturday, 13 April 2019 07:41 AM
විශේෂ හේතුවක් නොමැතිව කව්රුවත් තව කාටවත් ගරු කරන්නේ මොකටද?
Reply : 3 267
ගයාෂාන් Saturday, 13 April 2019 11:53 AM
ඇයි කලින් ඇතුලත් වුන සිසුන්ට ගරු කරන්නේ ? නවකවදය දෙන්නේ සහ එයට සහය දක්වන්නේ විවිධ හේතු නිසා සමාජය කෙරෙහි වෛරයෙන් සහ හීනමානයෙන් ඉන්න අය. ඕක මානසික ලෙඩක්. දන්නේ නැත්නම් මනෝ වෛද්‍යවරයෙක්ගෙන් අහල දැනගන්න නවක වදය දීමට යොමුවන පුද්ගලයන්ගේ මනෝවිද්‍යාත්මක පසුබිම මොකක්ද කියලා.
Reply : 0 139
saman Tuesday, 16 April 2019 03:53 AM
එතකොට තුන් පාරක් උසස් පෙළ කරලා කැම්පස් එකට ආපු කෙනෙක් එයාට වඩා ලාබාල අයටත් ගරුකරන්න ඕනෙද ?
Reply : 0 7
සන්දීප් Friday, 12 April 2019 06:14 AM
උතුරේ නවක වදය, හොර මත්පැන් නැති කරන අය "කල්ලි". දකුණේ මේවා උනාට දැක්කේ නෑ වගේ ඉන්න කට්ටිය "පොලිසිය"
Reply : 18 1035
දිමුත් Friday, 12 April 2019 06:33 AM
එනපොට නං අමුතුයි වගේ
Reply : 26 248
චන්දික Friday, 12 April 2019 06:49 AM
මේ පැත්තටත් ආවානම් හොඳයි. තියන බොල් සීනු වලට වඩා.
Reply : 13 144
Pradeep Friday, 12 April 2019 06:57 AM
නියමයි... දකුණටත් මේ වගේ කල්ලියක් තියනවනම්
Reply : 3 144
dilal Friday, 12 April 2019 07:11 AM
රජයට පාලනය කරන්න බැරි දේවල් මේ කණ්ඩායම් වලට පාලනය කරන්න කරන්න පුළුවන් කියා වැරදි මතයක් ඇති කරන්නයි මේ හදන්නේ. ත්‍රස්තවාදය ඇතිවෙන්න පෙරත් ටෙලෝ ,ප්ලොට් එල් ටි ටි කියා නොයෙක් සංවිදාන ඇතිවුනා ඒ නිසා මේ කටයුතු ගැන රජය මෙන්ම සංහිදියාව අගයන දමිල පක්ෂත් දැඩි අවධානය යොමුකළ යුතුයි.
Reply : 477 579
janahitha Friday, 12 April 2019 07:20 AM
මේ පිළිබඳව දකුණේ සරසවි උත්තමයින්ගේ ප්‍රතිචාරය දැන ගැනීමට නවකයෝ බලා සිටි. එක්කෙනෙක් හෝ ඉදිරියට එන්න.
Reply : 1 57
Hafeel Friday, 12 April 2019 07:32 AM
පාලකයෝ නීතිය ක්‍රයාත්මක නොකලානං, ජනතාව නීතිය අතට ගනීවි හෝ මෙවැනි කල්ලිය ඉදිරිපත් වේවි.
Reply : 13 233
කුමාර Friday, 12 April 2019 07:41 AM
අනේ ආවා ඔයාලගෙ බ්‍රාන්ච් එකක් කොළඹත් ආරම්බ කරන්නකෝ.....
Reply : 1 223
Bamunuarachchi Saturday, 13 April 2019 10:45 PM
ආවා කල්ලිය ඔය කරන්නේ පළමුව දෙමල ජනතාවගේ සිත් දිනා ගැනීමයි ඊටපසු ඔවුන්ගේ වැඩට දෙමලුන්ගේ සහය ලැබේවි ඊටත් පස්සේ තමයි වැඩ පටන් ගන්නේ. එතකොට සිංහලයා පරක්කු වැඩී.
Reply : 104 12
රවින් Friday, 12 April 2019 07:51 AM
මොන මොන අදහස් තිබුනත් බහුජන සමාජය එම අදහස් අනුමත නොකලත් නවක වදය නවත්වන්න පුළුවන් වීම සියලු දෙනා අනුමත කලයුතුවේ.
Reply : 1 108
බද්රානි Friday, 12 April 2019 08:39 AM
විශ්ව විද්‍යාලය තුළ පමණක් නොවේ, මේ රටේ සියලුම අංශ වල පවතින මාෆියා සංගම් කල්ලි වලට එරෙහිව, රටේ හැම තැනම "ආවා" සංවිධාන බිහිවීමට කාලය එළඹිලා.
Reply : 25 221
රොෂාන් Friday, 12 April 2019 08:47 AM
රොබින් හුඩ් වගේ කල්ලියක්. ඒ වගේ සෙට් එකක් දකුණටත් ආවනං. දේශපාලුවන්ගෙන් අරන් දුප්පත් මිනිස්සුන්ට දුන්නනං නියමයි
Reply : 0 85
dharmatileke, Nihal Friday, 12 April 2019 10:01 AM
"අවා" කොළඹට "අවා" නම් මෙහෙ නිවටයොත් කලබල වෙයි. "අවා" ජයවේවා
Reply : 0 64
Sarasi Friday, 12 April 2019 10:18 AM
මොන කල්ලිය හරි කමක් නැහැ.. මේ හීනමානය හේතුකොට ගත් නවකවදය නැති කරනවා නම්... මේ නවක වදකාර සිසුන්ගේ මව්පියන්ගේ නම් ප්‍රසිද්ධ කළ යුතුයි. තමන්ගේ ළමයාව උගතෙකු කරන්න කියා වධකයෙකු කර සමාජගත කිරීමේ වගකීම ඔවුන් භාර ගත යුතුයි. මේවාට පාසල, ඉගැන් වූ ගුරුවරු, අන්තරේ, කුරුටුගාමි පක්ෂය හෝ පවතින සමාජ ක්‍රමය නිදහසට කාරණා නොවේ...
Reply : 0 132
de silva berlin Friday, 12 April 2019 11:27 AM
පගාගහන රජයේ නිලධාරීන්ට සහ හොර දේශපාලකයන්ට විරුද්ධව මේ වගේ කල්ලියක් ආරම්භ කරන්න කාලය පැමිණ ඇත.
Reply : 0 104
jagath Friday, 12 April 2019 11:57 AM
අද සරසවි වල සිටින සිසුන් අවුරුදු 18 ඉක්මවූ වැඩිහිටියන් බැවින්, මේ නවකවදයට වගකිව යුත්තේ සිසුන් මිස ඔවුන්ගේ දෙමව්පියන් හෝ වෙන කිසිවෙකු නොවේ. මෙය මර්දනය කළ හැකි හොඳම ක්‍රමය නම් ඔත්තුකරුවන් මගින් වධකයින් හඳුනාගෙන, සරසවියෙන් පිටතදී ඔවුන්ව අල්වා, එවැනිම වදවලට ඔවුන්ව භාජනය කිරීමෙනි.
Reply : 4 43
boobambaa Friday, 12 April 2019 03:34 PM
ඔය නවක වදකාරයෝ මානසික අබාධයක් ඇති අය. එවැනි අයගෙන් සමාජයට කිසිම සෙතක් සැලසෙන්නේ නැත
Reply : 0 76
thesshan Friday, 12 April 2019 12:12 PM
මේක මේ දෙගොල්ලොම එකතුවෙලා කරපු වැඩක්... LTTE එක වෙන ආකාරයකින් නැගිටින්නයි හදන්නේ.
Reply : 82 155
Bamunuarachchi Saturday, 13 April 2019 10:52 PM
ඔබ හරි. මේ අය කරන්නේ පළමුව දෙමළුන්ගේ සිත් දිනාගෙන උතුරේ පැලපදියම් වීමයි. ඉතිරිය ඊට පසු පටන් ගනීවි.
Reply : 66 4
lankasri Friday, 12 April 2019 12:17 PM
කොළඹටත් 'ගියා' කියලාවත් කල්ලියක් ඕනෑ.
Reply : 3 8
raajun Friday, 12 April 2019 12:27 PM
රටක නීතිය බලු වෙන කොට අවනීතිය රජ වෙනවා කියන්නේ මේකටයි...
Reply : 0 308
ravi Friday, 12 April 2019 12:52 PM
දැන් මේකේ මේ නමත් මාරු කරලයි තියෙන්නේ.. ඉස්සර " ආවා කල්ලිය " දැන් "දාලා දුවපු කල්ලිය "
Reply : 2 17
hasantha Friday, 12 April 2019 04:37 PM
මේක ගොඩක් අය හොදයි කියල දාලා තිබ්බට බරපතල තත්වයක්. විශ්ව විද්‍යාල ශිෂයෝ උනත් මේ කල්ලි සමග එකතු වෙලා ඉන්න පුළුවන්. ඔව්න්ම පෝස්ටර් ගහල ඒවාට පිලිතුරුත් ගැහැව්වා වෙන්න හොදටම ඉඩ තියෙනවා. මේක අරමුණ තමා ජනතාව දිනා ගැනීම. ඊලග පියවර ආරක්ෂක අංශ වලට විරුද්ධව ජනතාව මෙහයවන එක. ඉස්සරහට උත්ගොෂණ එහෙම බලාගන්න පුළුවන් වෙයි. මේකත් අවසානයේ සන්නද්ධ අරගලයක් නොවේවා කියල ප්‍රර්ථනා කරනවා.
Reply : 5 115
දුශාන් Friday, 12 April 2019 06:57 PM
ඔහොම තමා කට්ටිය පටන් ගන්නෙ.
Reply : 1 13
ලෙස්ලි හර්බට් විජේසිංහ Saturday, 13 April 2019 01:09 AM
ආවා මේවා මොක හරි කමක් නැහැ නවක වදය නවත්වනවා නම් හොදයි
Reply : 0 24
shirley Suraweera Saturday, 13 April 2019 04:48 AM
පාර්ලිමේන්තුවත් ආවා කල්ලියට බාර දුන්නොත් විනය හදයි
Reply : 0 28
DIMUTH THARANGA Tuesday, 16 April 2019 04:16 AM
එක එක කල්ලි වල නැගී සිටීම කලින්ම නැවතීමක් කලේ නැතිනම් එහි අනිසි ප්‍රතිවිපාක විදීමට සිදු වන්නේ සාමාන්‍ය මහා ජනතාවටමය. මෙය කොටි ත්‍රස්තයන් වැනි තස්ත්‍ර කණ්ඩායමක ආරම්භ විය හැක. ප්‍රජාතන්ත්‍රවාදී රටකට මෙවැනි කණ්ඩායම්වල අවශ්‍යතාවයක් නොමැත.මහජනතාවගේ ගැටළු විසදීමට ත්‍රිවිද හමුදා සහ පොලිසිය පවතී. නිය පොත්තෙන් කපා දැමීමට ඇති දෙය නිය පොත්තෙන්ම කපා දැමිය යුතුය.
Reply : 111 28
Neel Perera Tuesday, 16 April 2019 05:33 AM
ඉතිං ඒ මිනිස්සු හිත් දිනාගන්න පෙර උඹලා දිනාගනිල්ලාකො. කුහක නුඹලා නොකරන දේවල් ඔවුන් කරනවා. ඊට පස්සෙ මිනිස්සු ඒ පැත්තට හැරෙනවා. ඒක ඉතාමත් සාධාරණයි.
Reply : 151 120
janaka Tuesday, 16 April 2019 05:44 AM
මොන ආයතනය තුළ ක්‍රියාත්මක කලත් එම පහත් ක්‍රියාව සදහා නවකයන් යොමු කරවන මානසික රෝගින් සියලු දෙනාවම පොලු මුගුරු වලින් සහ ගල් වලින් ගසා මරා දැමිය යුතුයි.
Reply : 5 0