පාලිත ආරියවංශ
වතුකම්කරු වැටුප් වැඩි කරන්නැයි වතු කම්කරු වෘත්තීය සමිති ආරම්භ කර ඇති උද්ඝෝෂණයක් හේතුවෙන් බදුල්ල - කොළඹ මාර්ගය වසා දමා ඇතැයි පොලිසිය පවසයි.
මේ හේතුවෙන් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා ඇතිවිය.



පාලිත ආරියවංශ
වතුකම්කරු වැටුප් වැඩි කරන්නැයි වතු කම්කරු වෘත්තීය සමිති ආරම්භ කර ඇති උද්ඝෝෂණයක් හේතුවෙන් බදුල්ල - කොළඹ මාර්ගය වසා දමා ඇතැයි පොලිසිය පවසයි.
මේ හේතුවෙන් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා ඇතිවිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක දැන් හරි සෙල්ලමක් වෙලා. ඔවුන්ගේ ප්‍රශ්න වලට මහ මග යන එන මහජනයා පලිද? වැදගත් කාර්යයන් සඳහා යන එන කොපමණ ජනතාවක් මෙයින් අසරණ වෙනවාද? පුද්ගලයෙක් ගමනක් යන්න පාරට බහින්නේ, නියමිත වේලාවට යම් කටයුත්තක් කරන්න යන්නයි. මෙවැනි මාර්ග අවහිර කිරීම්, ජනතාවට පීඩාවක් වෙන බව පොලිසියට වටහාගන්න අපහසුද? ඇයි ඔවුන් මෙවැනි මාර්ග අවහිර කිරීම් ඉවත් කරන්නේ නැත්තේ? කඳුළු ගෑස්, බටන් පොලු, තියෙන්නේ මේ වගේ අවස්ථා වලට උපයෝගී කරගන්න නේද? එකට විශේෂ, අමුතු බලතලයක් පොලිසියට අවශ්‍ය නෑ. එක ඔවුන්ගේ වගකීමක්. පොලිසිය හැසිරෙන්නේ, කාටහරි බයේ බවයි මට හැඟෙන්නේ. ඉහලම තැනින් වත්, ඉදිරියේදී පොලිසියට තම වගකීම නිසිලෙස ඉටු කරන්න උපදෙස් නියෝග ලැබේ යයි බලාපොරොත්තු වෙනවා.
ඇයි සමන් ඔයාට පුළුවන්ද රු 600 ක පඩියකින් ජීවත් වෙන්න මේ මිනිස්සු අන්තිම අසරණ ජීවිත ගත කරන්නේ මාසෙකට දවස් කීයද වැඩ කරන්නේ? ඒ පඩියෙන් මේ මිනිස්සු ළමයිනුත් එක්ක කොහොමද ජීවත් වෙන්නේ කියලා ඔයාට හිතෙන්නේ නැද්ද? තමන්ගේ දුක අහන්නේ නැත්තම් ඒක මේ විදියට තමා ඒ මිනිස්සුන්ට කරන්න වෙලා තියෙන්නේ...
ජයලලිතා නැතිනම් පාරේ මළගෙවල් දාපු මිනිස්සුන්ට මොකට පඩි වැඩි කරන්නද? මේ කරන්නේ සංහිඳියාව ලේබල් එකෙන් ගොඩයන විදිහක්... බැටන් පොලු තියෙන්නේ මේ වෙලාවට පාවිච්චි කරන්න තමයි...
ඔය රු600ක් කියන්නේ මූලික වැටුප.... අනිත් එක මේ අයගේ පවුල්වල දෙතුන් දෙනෙක් වැඩ කරනවා. අනිත් එක කුලී වැඩ කරලත් හම්බ කරනවා. මේ අය පැයක කුලී වැඩ කළත් ඉල්ලන්නේ පුදුම ගණන්...
හරි හරි මින්පස්සේ පාරවල් අවහිරවෙන එකක් නැති වෙනවා ජනතා පැතුම ඉටුවී තිබෙනවා