IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වලවේ ගඟ පිටාර ගැලීමෙන් නිවාස රැසක් යටවෙයි

(සනත් ගමගේ)

උඩවලව ජලාශයේ වාන් දොරටු  පහක් විවෘත කිරීමෙන් පසුව වලවේ ගඟේ ජල මට්ටම ඉහළ යෑමෙන් අම්බලන්තොට මැලේකොළණිය ප්‍රදේශයේ ගං ඉවුරේ පිහිටි නිවාස රැසක් ජලයෙන් යට වී තිබේ.

අධික වැසි හේතුවෙන් උඩවලව ජලාශයේ වාන් දොරටු පහක් පෙරේදා (04) සවස විවෘත කිරීමෙන් පසු  ඊයේ රාත්‍රියේ නිවාස ජලයෙන් යට වී තිබේ.

වලවේ ගඟට තත්ත්පරයට ඝන අඩි 11,700 ක් පමණ ජලයක් මුදා හැරීම සිදු විය.

ඒ අතර අම්බලන්තොට ප්‍ර දේශයට තරම වැස්සද ඇති වි තිබිණි. මේ හේතුවෙන් වලවේ ගඟ දෙපස ගං ඉවුරේ නිවාස තනා ගෙන සිටින ඇතැම් නිවාස වලට ජලගැලිම් හේතුවෙන් බලපෑම් ඇති වී තිබූ බව නිවෙස් හිමියෝ සඳහන් කලහ.

සුරකිමු ගංඟා වැඩ සටහන යටතේ මෙම නිවාස වලට සනීපාරක්ෂක පහසුකම් වෙනුවෙන් ඉඳිකිරීම් කරමින් තිබූ වැසිකිලි වලවල් පවා ජලයෙන් යට වී තිබිනි. අම්බලන්තොට රිදියගම මාර්ගයේ ගංඉවුර සෝදා යෑම වලක්වාලිම සඳහා ඉඳිකරමින් තිබූ ගල් වැටියටද ජල ගැලීම් වලින් හානි සිදු වී මාර්ගය අසලටම ගංඉවුර ජලය පැමිණ තිබිණි.

 



අදහස් (0)

වලවේ ගඟ පිටාර ගැලීමෙන් නිවාස රැසක් යටවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 975 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site