(රංජන් කස්තුරි)
සහල් මිල පහත දැමීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මහවැලි , කෘෂිකර්ම,වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන , අභ්‍යන්තර වෙළඳ කටයුතු ආහාර සුරක්ෂිතතාව හා පාරිභෝගික සුබ සාධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට බාරදුන් බව කැබිනට් සහ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ අනුව රජය සතු වී තොග කුඩා මෝල් හිමියන් වෙත ලබාදීමට පියවර ගන්නා බවට චමල් රාජපක්ෂ මහතා අද (27) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කළ බවද බන්දුල ගුණවර්ධන මහතා කීය.
වෙළඳපොළේ කෘත්‍රිම සහල් හිඟයක් ඇති වීමට රජය ඉඩ නොතබන බවද කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (27) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඇමැතිවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිල අඩුකරන්න. ජනතාව අසරණ වෙලා ඉන්නේ...
පොළොන්නරුවේ මහසහල් ගබඩාවක පණුවන් සහිත දිරූ සහල් මිශ්‍ර කරපු සහල් වල නාමය ජනතාවගේ දැන ගැනීමට පුවත්පත් මගින් ප්‍රසිද්ධ කරන්න.
පාරිභෝගිකයන් විදිහට අපි කැමතියි සහල් මිල අඩුවෙන තරමට. හැබැයි ගොවියන් පාරට බහිනකොට තමයි ප්‍රශ්නේ... එහෙම පාරට බහින අය ගැන සහ එහෙම අයට කරන දේ ගැන හොඳ අත්දැකීම තියෙනවනේ, නේද?
පණුවොත් එක්ක හාල් දුන්නම මස්මාළු වලට වියදම් කරන්න ඕනෑ නැහැනේ. ප්‍රෝටීන් හාල් එක්කම දෙනවා. මරු වැඩපිළිවෙල... අන්න එහෙම තමයි ජීවන වියදම අඩු කරන්නේ. වියත් මගින් උපදෙස් අරන් තියෙන්නේ.
හාල් මිල අඩු කරන එක වටිනවා. එතකොට පිටි කන එක අඩු කරවන්න පුළුවන් නිසා.. නමුත් එය වී ගොවියාට අසාධාරණයක් නොවිය යුතුයි. අනවශ්‍ය ආනයන නවත්වන්න විශේෂයෙන් මෝටර් රථ ආනයනය... අපි දෙපැත්තකින් මුදල් පිටරටට යවනවා කාර් නිසා... වාහනයට එක රටකුත් ඉන්ධන සඳහා තව රටකුත් වශයෙන්.. ඒ ඉන්ධන වියදමෙන් භාගයක්ම නිකරුනේ මහමග පිච්චෙනවා තදබදය නිසා... ඒ වගේ අනවශ්‍ය සහ නිස්කාරණ වැයවීම් නවත්වන්න පුළුවන් නම් වී ගොවියන්ට සහනයක් දෙන්න රටේ මුදල් ඉතුරු වේවි..!!!