IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


මැති සබේ අලුත් මන්ත්‍රීවරුන් ගොඩකට කටපුංචා එපා වෙලා

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවට අලුතින් තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන්ගෙන්  අඩකට වැඩි සංඛ්‍යාවක් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබාදෙන ගිනි අවිය (පිස්තෝලය) මෙතෙක් ලබාගෙන නැතැයි පාර්ලිමේන්තු ආරංචි  මාර්ගවලින්  පැවසේ.

මෙසේ  ගිනි අවිය ලබාගෙන නොමැති මන්ත්‍රීවරුන් අතර ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුද වෙති.

පාර්ලිමේන්තුවට අලුතින් තේරී පත්වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව  අසූවකට අධිකය.

මෙයින්  ගිනි අවිය ලබාගෙන  නොමැති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව හතළිහකට වැඩි යැයිද    එම  ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම අලුත් මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු තමන්ගේ ආරක්ෂාව සඳහා ලබාදෙන එම ගිනි අවියට වැඩි උනන්දුවක් දක්වන ආකාරයක් පෙනෙන්නට නැතැයි  පාර්ලිමේන්තුවේ උසස්   නිලධාරියෙක්  පැවැසීය.

පාර්ලිමේන්තුවට තේරී පත්වන සෑම මන්ත්‍රීවරයකුටම ඔවුන්ගේ ආරක්ෂාව සඳහා   ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම ගිනි අවිය නිකුත්  කරනු ලැබේ. පාර්ලිමේන්තු ලේකම්වරයා විසින් ඔහු හෝ ඇය මන්ත්‍රීවරයකු, මන්ත්‍රීවරියක බවට සහතික  කරනු ලැබීමෙන් පසුව එම  අමාත්‍යාංශය විසින් මෙම ගිනි අවිය නිකුත් කෙරෙන බව  පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

මේ අතර පාර්ලිමේන්තුවේ කාලයක් සිටි පැරණි මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු එම ආරක්ෂක ගිනි අවිය ලබාගෙන ඇතැයි වාර්තා වේ.



අදහස් (14)

මැති සබේ අලුත් මන්ත්‍රීවරුන් ගොඩකට කටපුංචා එපා වෙලා

Perera Thursday, 21 October 2021 12:34 AM

පොදුවේ ජනතාවගේ ප්‍රසාධය දිනාගෙන සිටින්නෙක් නම් කට පුන්චෝවත් ආරක්ෂා සේනාංකවත් ඕනේ නැහැ

:       1       6

Nihal Thursday, 21 October 2021 02:30 AM

ජීවිත තර්ජන තියෙන්න නම් ඒ මනුස්සය වටින කෙනෙක් වෙන්න ඕන.

:       1       2

Ruhunu Thursday, 21 October 2021 03:11 AM

ඔය සෙට් එකට හරියන්නේ දුන්නයි ඊතලයයි තමයි

:       1       4

සිරිබිරිස් Thursday, 21 October 2021 06:47 AM

ඒකත් පරණ අය අරගෙන තියෙන්නෙ .

:       1       15

WCA Thursday, 21 October 2021 07:02 AM

ජාතික ආරක්ෂාව සහතික කරනවා කියලනේ ආවේ .ඉතින් මොකටද ගිනි අවි

:       1       33

දාස Thursday, 21 October 2021 07:10 AM

කොල්ලනි ඕක අරගෙන ඕකෙන්ම වෙඩි තියාගෙන මැරියල්ල අපිට කිරි බත් කන්න.

:       1       26

Asanga Thursday, 21 October 2021 10:06 AM

ඔය පෙන්නලා තියන කොකා හොඳටම ඇති කියලා හිතෙනවා ඇති

:       1       21

ravin Thursday, 21 October 2021 10:17 AM

වැඩි දෙනා අට විතරයිනේ පාස් .පාවිච්චි කරන විදිහ හා කලයුතු අවස්ථා ගැන කියා දෙන පාඨමාලාවකට ,සම්මන්ත්‍රණයකට වත් සහභාගී වෙන එකක් නැහැ අකුරු හරියට දන්නේ නැති නිසා

:       2       35

fairoos Thursday, 21 October 2021 01:05 PM

රට රකින විරුවා ඉන්නකොට මොනවටද ගිනි අවි

:       2       4

BamunuarachchiFriday, 22 October 2021 07:44 PM

වැඩිය දඟලන්න එපා.... හම්බවෙන්නේ රට රකින විරුවාගෙන් නොවෙයි, රටේ ඉන්න සිංහල අපෙන්. තේරුම් ගන්න අපේ තරහ...

:       1       2

fairoosSunday, 24 October 2021 12:48 PM

මේවට කොහෙන් හිනා වෙන්නද?

:       0       0

BamunuarachchiSunday, 24 October 2021 02:36 PM

මෙතන පලවෙනවා නම් හිනාවෙන එක කොහොම වෙතත් අඬන්න කියන්නම්...

:       0       0

Bamunuarachchi Friday, 22 October 2021 07:41 PM

අනේ මට දෙන්නකෝ. ෆොටෝ එක දකින කොටත් ආසයි...

:       1       2

BamunuarachchiSunday, 24 October 2021 09:44 PM

කෙනෙක් හිනාවෙන්න තැනක් හොයනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 912 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1002 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 397 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site