(ටී.කේ.ජී.කපිල)
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ අද දින අලුයම පැවති දැඩි සුළං සහ අධික වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීහු පියවර ගත්හ.
පළමු ගුවන් යානය අලුයම 2.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයයි. මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ අවට කාළගුණික තත්වය නිසා මත්තල ගුවන් තොටුපළ වෙත අලුයම 3.15 ට ගොඩ බස්වා තිබුණි. මෙහි ගුවන් මගීන් සමග ගුවන් යානා කාර්යය මණ්ඩලය 155 ක් සිටි අතර ඔවුන් ගුවන් යානයෙන් පිටතට නොබස්වා යානයට අවශ්‍ය ඉන්ධන සහ ආහාර සපයා දී යලිත් අලුයම 4.53 ට මත්තල ගුවන් තොටුපළෙන් පිටත්ව අලුයම 5.39 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවූ බව ගුවන්තොටුපොළ බලධාරීහු කියති.
අද අලුයම 2.50 ට සාජා සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි එයා ඇරේබියා ගුවන් සේවයේ ජී.- 9503 දරන ගුවන් යානයේ මගීන් සහ කාර්යය මණ්ඩලය 168 ක් සිටි අතර එම ගුවන් යානය අලුයම 3.38 ට මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බස්සවා තිබුණි. පසුව අලුයම 4.34 ට මත්තල ගුවන් තොටුපොලෙන් පිටත් වූ එම ගුවන් යානය අලුයම 5.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට කටයුතු කළ බව ගුවන්තොටුපොළ බලධාරීහු පවසති.
මේ වන විට කටුනායක ගුවන්තොටුපොළ අවට කාලගුණික තත්ත්වයක යහපත් අතට හැරී ඇති හෙයින් ගුවන් යානා මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බව ගුවන්තොටුපොළ ආරංචි කියයි.
COMMENTS
දැන් වී ආනයනය කරනවද? වී ගබඩා කරන්න කටුනායක ඉඩ මදි වෙන්න ඇති මගේ හිතේ...
හනේ ආපොයි... එතකොට ගබඩා කරපු වී ටික කෝ...?
පේනවා නේද? මත්තල නැත්නම් ඉන්දියාවට යවන්නයි වෙන්නේ... එතකොට කොච්චර ගෙවන්න ඕනෑද? කපටිකම විතරක් දන්න නින්දිත අමනයින් හැම එකක්ම දකින්නේ පක්ෂයකට දාගෙන තමන්ගේ පැවැත්මටයි. මේවා හිටපු නායකයින් රටට දුන් දායාද...
තමන්ගේ දේ නොවටින, රට නොවේ පක්ෂය බදාගෙන ඉන්න මිනිසුන් කිසිදාක සත්‍යය තේරුම් නොගනීවී. මේ රට දිනෙන් දින අාඝාධයට යන හේතුව ඒ හිස්බවයි.
වහිනකොට ප්ලෙන් යවන්න මොකටද එයාර් පෝර්ට් එකක්...
මේකේ දාලා තියෙන සමහර අදහස් දැක්කහම හිතෙනවා මොලේ තරම. ගුවන්තොටුපලක් දැම්ම ගමන්ම ගුවන් යානා එන්නේ නැහැ. ඒකට කරන්න තියෙන්නේ හොඳ ගමනාන්තයක් විදියට දියුණු කරන එක. ඒකට රජය වගේම පෞද්ගලික එකත් වැඩ කරන්න ඕනේ.
එයාර්පෝට් එකට ගුවන් යානයක් ගොඩ බැස්සුවාම ඒක පත්තරේ දාන රටක් වෙලා මේක. කාට කියන්නද?
වහින්නම ඕනේ ප්ලේන් එකක් ගොඩබාන්න. අනේ මන්දා මෙහමත් ගුවන් තොටුපලවල් හැදුවනේ...
වහිනකොට බාන්නත් අපේ රටේ වෙනම ගුවන් තොටුපළවල් තියෙනවා. පේනවා නේද දැන් අපි බලවත් රටක් කියලා!
කොළ පාට කන්නාඩි දාගෙන වහල් කමින් යන අයත් තාමත් ඉන්නවනේ