
(ඩයනා උදයංගනී)
තමන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හැර දමා, වෙනත් කිසිදු පක්‍ෂයකට එකතු නොවන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.
තමා දේශපාලනිකව ඉපදුනේත්, හැදී වැඩුණේත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බවත්, විවිධ පහර කෑම් වලට ලක් වූයේ ද පක්ෂය වෙනුවෙන් බවත් පවසන හිටපු ජනාධිපතිනිය තමා මිය යාමට බලාපොරොත්තු වන්නේ ද ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයෙකු ලෙස බව සඳහන් කරයි.
බණ්ඩාරනායක දර්ශනය අගය කරන, තමන්, එම දර්ශනයට අනුගත දේශපාලනයක නිරත වන ඕනෑම දේශපාලන කණ්ඩායමකට උපදෙස් ලබා දීමට නොපැකිළි වන බව ද ඇය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
එමෙන්ම මේ මොහොතේ පවතින ජාතික අර්බුද දෙකක් වන ළමා මන්දපෝෂණය සමනය කිරීම සහ ජනවාර්ගික ගැටළුවට ස්ථිර සාර විසඳුම් ලබාදීම යන අවස්ථාවන් හි දී පමණක් රටේ වගකිව යුතු ජ්‍යෙෂ්ඨ නායිකාවක ලෙස ඊට තම උපදෙස් ලබාදෙන බව ද ඇය සඳහන් කර ඇත.
වැරදි ප්‍රතිපත්ති අනුගමනය කිරීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉතාමත් දුර්වල තත්වයය පත්ව තිබෙන බවත් ඇය සඳහන් කර ඇත.
වර්තමාන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකයින් සිය අවස්ථාවාදී, පටු වාසි වෙනුවෙන් පක්‍ෂ ප්‍රතිපත්ති අමු අමුවේ පාවා දෙන විට සැබෑ පාක්‍ෂිකයන් වෙනුවෙන් නිර්මල බණ්ඩාරනායක ප්‍රතිපත්ති රැක ගැනීමට අදත්, හෙටත් මතුවටත් අඛණ්ඩව කැපවන බව ද ඇය සිය නිවේදනයේ දක්වා ඇත.
2025 දෙසැම්බර් මස 30
115
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
749
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
’’මම පක්ෂෙ දාල යන්නේ නෑ’’
podiekaa Monday, 05 December 2022 05:30 PM
ඔතැන ඉන්න හාල්පාරුවන් එළවලා දැම්මා නම් හොඳටම ඇති...
විපරමා Monday, 05 December 2022 05:56 PM
බණ්ඩාරනායක දර්ශනය ගැන මොනවට කියනවද? රට භේද භින්න කරවපු එකම මදිද?
BamunuarachchiTuesday, 06 December 2022 07:33 AM
විපරමා සුලුජාතිකයෙක්ද? ඒ කාලේ රටේ තත්වය දැනගෙන කතා කොරන්නේ ?
BamunuarachchiWednesday, 07 December 2022 07:36 AM
ඒ කාලේ රටේ තත්වය කිව්වම පත්තර කාරයොත් ඒවා පලකොරන්න බයයි . ඉතින් කොහේ විපරමාල වගේ හාදයෝ රට ගැන දැනගන්නේ. මෙරට ඒකාලේ දෙමල බර් ගර් මැලේ පාරාදීසියක්. සිංහල කොල්ලෝ රැකියාවල් නැතුව කුඹුරු කොටනවා.
Jinadasa Monday, 05 December 2022 11:21 PM
ඔයා ඉන්න හොඳේ. මිනිස්සු දැන් පක්ශෙ දාල ගිහින් ඉවරයි.
Senarath Tuesday, 06 December 2022 09:21 AM
ඔයා විජය මරුනමත් අත්දෙකම උස්සගෙන විජයගේ දේහය ඉදිරිපිට පොරොන්දු උනෙත් ඔහොම තමා. ඒත් අවුරුදු 3ක් යනකොට නැවත ඒ පක්ෂය අතහැරලා පැරණි පක්ෂයට ගියා.