
(යොහාන් භාසුර)
ප්‍රමාද වන දුම්රිය සහ අවලංගු වන දුම්රිය පිළිබඳව නිවැරදි තොරතුරු දුම්රිය බලධාරීන් ලබාදෙන තෙක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සේවයට ස්ථානාධිපතිවරු නොකැඳවන බවත් ඒ අනුව ජනතාවට ප්‍රවේශපතක් මිලදී ගැනීමෙන් තොරව දුම්රියෙන් යෑමේ අවස්ථාව උදාවී ඇති බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා අද (1) පස්වරුවේ පැවසීය.
ජනතාව දුම්රිය ස්ථානය තුළ කළහකාරීව හැසිරුණු අවස්ථාවේදී ස්ථානාධිපතිවරුන්ගේ ආරක්‍ෂාව සඳහා ඊයේ පස්වරුවේ ඉවත්කරගත් බවත් නැවත සේවයට යෑමට නම් ජනතාව විමසන විට තොරතුරු දීමේ හැකියාව තිබිය යුතු බවත් කසුන් චාමර මහතා කීය.
දුම්රිය සාමාන්‍ය පරිදි ධාවන වන්නේ යැයි බලධාරීන් ජනමාධ්‍යයට පැවසුව ද සාමාන්‍ය ධාවනයක් නොවන බව කී කසුන් චාමර මහතා සඳහන් කළේ ප්‍රවේශපත් මිලදීගත් පුද්ගලයෙක්ට දුම්රියක් නොමැති වීමෙන් ඇතිවන කේන්තියේ සාධාරණයක් ඇති බවත්ය.
(ඡායාරූප: ගයාන් අමරසේකර)


(ඡායාරූප: ශාන්ත රත්නායක)



COMMENTS
ඔය වගේම බැරිද දන්නේ නෑ තමන් කරන වැඩ ප්‍රමාණයට හරියන්න පඩි ගන්න පුරුදුවෙන්න. මේ ස්ථානාධිපතිවරු ඇතුළු රේල්වේ එකේ අයට (මම කියන්නෙ ගන්න පඩියට හරියන්න වැඩ කරන්න දන්නේ නැති නිසා, කරන වැඩට හරියන ගානට පඩි ගන්න එක තමයි මේ රටේ රාජ්‍ය සේවයේ බොහොමයක් අයට ගැලපෙන්නේ...) ස්ථානාධිපතිවරු කැන්සල් වෙන ට්‍රේන් ගැන දන්නේ නෑ කියන්නේ මාරම විහිළුවක්නේ... බන්දේසියට දාලා මේන් කැන්සල් ඒවා කියලා ගෙනත් දෙනකන් ඉන්නේ නැතිව ඒවා හොයලා බලන්නත් එකක් නෙවෙයිද පඩි දෙන්නේ මෙයාලාට...
මැතිතුමා අන්දනවා ඇති...
තම පාලකයෝවත්, ජනතාවත් මේ ප්‍රශ්නේ තේරුම් අරන් නැහැ. පොදු ප්‍රවාහනය දියුණු කරලා බහුතර ජනතාව එයට යොමු කරනකන් මේ ප්‍රශ්නේ හරියටම විසඳෙන්නේ නෑ. තාවකාලික පිළියම් තමයි ඔක්කොම හොයන්නේ... මුලින් ඩොලර් වියදම් වෙනක්‍රම නවත්වන්න හෝ අඩු කරන්න. ඊට පස්සේ ඩොලර් හොයන විසඳුම් බලන්න. නැතුව ගොඩ ඒමක් නෑ අපිට... ණය අරගෙන තෙල් පෝලිම් අඩු කළාට මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නෑ.