IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


කොළඹ කොටස් වෙළෙඳපොළේ ඓතිහාසික පිබිදීමක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ ‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20’ මිල දර්ශකය ඊයේ (21) ඓතිහාසික වර්ධනයක් පෙන්නුම් කළේය.

ඒ අනුව ඊට පෙර දිනය අවසානයේදී ඒකක 1094.14ක් ලෙස දැක්වුණු ‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20’ මිල දර්ශකය ඊයේ දිනයේදී දිනයේදී ඒකක 132.90කින් ඉහළ යමින් සියයට 6.28ක වර්ධනයක් වාර්තා කළේය.

කොළඹ කොටස් වෙළෙඳපොළේ ‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20’ මිල දර්ශකය මැයි 18 වැනිදා සියයට 5.25කින් ඉහළ ගිය අතර ඒ අනුව සතියක් ඇතුළත ඓතිහාසික අගයකින් ඉහළ ගිය දෙවැනි අවස්ථාව මෙය යැයි එම වෙළෙඳපොළ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

මාස එකහාමාරකට පසු කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික කටයුතු සඳහා විවෘත කරන ලද්දේ මැයි 11 වැනිදාය. එදිනත් මැයි 12 වැනිදාත් පහත කොළඹ කොටස් වෙළෙඳපොළ පහත වැටිණි. ඉන් අනතුරුව කොළඹ කොටස් වෙළෙඳපොළේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළේය.

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ දිනය අවසානයේදී ඒකක 4,784.80ක් ලෙස දැක්වුණු අතර එය ඒකක 129.58ක එනම් සියයට 2.78ක වර්ධනයකි.
මාර්තු 13 වැනිදායින් එම දර්ශක දෙක වාර්තා කළ ඉහළම අගයන් ඒවා විය.

කොළඹ කොටස් වෙළෙඳපොළ පසුගිය දින නවයක කාලයේදී වාර්තාගත ඉහළ පිරිවැටුමක් වාර්තා කළ අතර එහි දෛනික සාමාන්‍ය රුපියල් බිලියන 1.73ක් විය. එය පසුගිය වසරේ (2019) මෙම දිනයට දැක්වුණු දෛනික සාමාන්‍ය පිරිවැටුම හා සැසඳීමේදී සියයට 45ක වර්ධනයකි. 

එහිදී සාමාන්‍ය අගය රුපියල් බිලියන 1.19කි. ඒ අනුව මැයි 11 වැනිදා වෙළෙඳපොළෙ විවෘත කිරීමෙන් පසු වෙළෙඳ කටයුතුවල වර්ධනයක් පෙන්නුම් කර ඇති බව දකොළඹ කොටස් වෙළෙඳපොළ සඳහන් කළේය.

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, කොමර්ෂල් බැංකුව, එල්.ඕ.එල්.සී.,එච්.එන්.බී. හා සම්පත් බැංකුව යන සමාගම්වල කොටස් මිල ගණන් ඉහළ යාම දිනය තුළ සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනය සඳහා ඉහළ දායකත්වයක් ලබා දෙන ලදී.

055
 

 



අදහස් (2)

කොළඹ කොටස් වෙළෙඳපොළේ ඓතිහාසික පිබිදීමක්

දුටුගැමුණු Saturday, 23 May 2020 12:21 AM

කොටස් වෙළඳපොලත් ඓතිහාසික නම් ඕක ඉන්දියාවට විකුණමු. ඒ කියන්නෙ අපි නව ලිබරල්නේ...

:       0       0

චමින්ද Saturday, 23 May 2020 12:56 AM

මමත් සුළු මුදලක් කොටස් මිලට ගැනීමේ අදහසින් කොරෝනා එන්න පෙර කියපු බැංකු ගිණුමේ තැන්පත් කළා. කොටස්මිල පහළටම ගිය වේලාවේ නියෝජිතයාට සමාගම් දෙකක නම් කියා එයින් කොටස් ගන්න කියල කිව්වා. නමුත් ඔහු අරගෙන නැහැ. දැන් ඒ සමාගම්වල මිල ඉතාම ඉහළ ගිහිල්ලා. මට හරිම කණගාටුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 53 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 884 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2515 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site