(මහින්ද නිශ්ශංක)
අර්ධ සුඛෝපභෝගී බස්රථ පස්වරු 7.00 සිට පෙරවරු 6.00 දක්වා ධාවනය කිරීමටත් දිවා කාලයේ ධාවනය නොකිරීමටත් ජාතික ගමනාගමන කොමිසන් සභාව අද (18) තීරණය කළේය.
මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල දැනුවත් කිරීම සහ එම බස් සේවාව පිළිබඳව අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමටද ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පියවර ගෙන තිබේ.
දැනට පෞද්ගලික බස්රථ 437 ක් අර්ධ සුඛෝපභෝගී සේවාවේ යෙදන බවද කොමිසම පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිදු ප්‍රමිතියකින් තොරව ලංගමයේ ඇති අර්ධ සුඛෝපභෝගී සේවයද නතර කළ යුතුය.
මේකත් තනිකරම බොරුවක්...හරියට අර සුභාවිත ගීත වගේ...මේ ප්‍රයිවට් බස් මිනිස්සු කියන දෙයක් අහන කට්ටියක් නොවේ ...බොරු නම් උදේ පාන්දර යන බස් වලට නැගල බලන්න..කන පැලෙන්න සින්දු දානවා ..තවම බයිලා දානවා...දීල තියන නම්බර් වලට කම්ප්ලේන් කරන්න ගත්තට වැඩක් ණෑ .. අපේ නම ගම හැදුනුම්පත් අංක කොහේ ඉදන් කොහෙටද ගියේ අහනව ...එච්චරයි ...එතනින් එහාට කිසි දෙයක් වෙන්නේ ණෑ ... අනික සෙනසුරාදා ඉරිදා මේ නොම්මර වැඩ කරන්නේ නෑ ..අනික අර්ධ සුඛෝපභෝගී මේ වෙලාවේ දිව්වත් මේකෙන් මොකද්ද වෙන පහසුව...තඩි බෆල් හයිකරලා ,කර්ටන් දාල,,අස් පොට්ට්ටවෙන ඩිස්කෝ ලයිට් දාන එකද අර්ධ සුඛෝපභෝගී?? මේ රට හදන්න පුළුවන් රටක් නෙවයි
මේක කිසි තේරුමක් නැති තීරණයක්. මේ බස් සේවය අහෝසි කරන්න කොන්දක් නැද්ද,එහෙමත් නැත්තම් බස් මුදලාලිලගේ දොළ පිදේනි ලැබිලද?
මේක හරියන වැඩක් නේවෙයි , අයි බස් කාරයනට ආණ්ඩුව මෙච්චර බය
මේ ඇමිතිමයි කිව්වේ අර්ධ සුඛෝපෙබෝගී බස් රථ නවත්වනවා කියල නමුත් අද මොනාද වෙලා තියන්නේ කැමති වෙලා .මෙහෙම ඇමතිලා ඉන්න රටක් කොහොමද දියුණු වෙන්නේ. අද කියන දේ නෙමෙයි හෙට කියන්නේ. මුන්ගේ මොලේ අලද තියන්නේ.
කිසි වැඩකට නැති දෙයක් තමා අර්ධ සුඛෝප බෝගී එක. අයින් කරලම දැම්මොත් තමයි හොඳ. පහුගිය දවස්වල එහෙම කරනව කිවුවට ඇයි සීමා කිරීමක් ගැන කියන්නේ.
කිසිම පහසුකමක් නැතිව මගීන් ගසාකන අර්ධසුඛොපභෝගී බස්රථ සේවාව අහෝසි කලයුතුය .
ඔය ඒ අයට තවත් ගසා කෑම පහසු කිරීමක් කිසිම අධ්‍යයනයක් නොකර හිතපු හිතපු වෙලාවට ගන්න තීරණ. ඕකෙන් වෙන් එකම දේ රාත්‍රි කාලයට වැඩියෙන් මුදල් අයකරන්න අවස්ථාව ලබාදීම. අයි මේ අර්ධ කෙහෙල් මල නවත්වන්නේ නැත්තේ අනිවාර්යෙන්ම දෙශපලකයන් තව මොක්කු හරි ඔකේ ඉන්නවා
වෙනත් රටවල වගේ මේ බස් රථ වලටත් තම ගමන් මාර්ගයේ එක එක කැඩීම් වලට පැමිණීමට සහ එතනින් පිටත් වීමට කල සටහන් සකසනවානම් ඉදිරියෙන් හෝ පසුපසින් යන වෙනත් බස්රථයක මගින් කඩා ගැනීමට පිම්මේ යාම හෝ බඩගාගෙන යාම නවතිනවා.
දැන් මේ සේවය නැති කරනවා නේද කිව්වේ ඔක්කෝම බොරු බේගල් මේ පාර නම් ජනතාව රවට්ටලා ඡන්ද ගන්න බෙරුවෙයි
මෙයාලගේ කට්ටිය මාර්ග අවසරය නැතිව බස් දුවන්නේ පාරේ. ඉතින් මේක අහෝසි කරයිද.?
මේවා විහිළු එක පාරට එකක්, තව පාරට තව එකක්.
දැන් බදුල්ලට යන්න කොළඹින් 4ට වගේ නැග්ගොත් බහිද්දී රෑ 11 වගේ වෙනවා. එතකොට කොළඹින් ටිකට් ගන්න ඕනේ මොන ගානටද? ඒ වගේම බදුල්ලෙන් උදේ 4 ට වගේ නැග්ගොත් දවල් 11 වෙනවා කොළඹ එද්දී. එතකොටත් මොකද කරන්නේ?