
(ඉන්දිකා රාමනායක)
රටතුළ පවතින ඉන්ධන අර්බුධය හේතුවෙන් සමුද්‍රීය මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා ඕස්ට්‍ර්ලියානු රජය විසින් ශ්‍රි ලංකා නාවික හමුදාවට හා ගුවන් හමුදාව වෙත නොමිළේ ඉන්ධන තොගයක් ප්‍රධාන කර ඇත.
නාවික හමුදාවට මෙට්‍රික්ටෝන් 450 හා ගුවන් හමුදාව වෙත ඉන්ධන ලීටර් 27,000 ක් වශයෙන් මෙම ප්‍රධානයන් කර ඇති බව ගුවන් හමුදා ආරංචි මාර්ග පවසයි.
රටතුළ පවතින ඉන්ධන අර්බුධය හේතුවෙන් සමුද්‍රීය අපරාධ මැඩලීමේ ගුවන් මෙහෙයුම් හා නාවික හමුදා සිදුකරන මෙහෙයුම් තවදුරටත් බාධාවකින් තොරව සිදුකිරීම සදහා මෙම ඉන්ධන තොගය ප්‍රධාන කර ඇති බවද ගුවන් හමුදා ආරංචි මාර්ග පවසයි.
නීති විරෝධී සංක්‍රමනිකයන් විශාල වශයෙන් මුහුදු මගින් ඕස්ට්‍ර්ලියාව බලා පලා යාමේ සිද්ධීන් නිතර නිතර වාර්තා වන බවත්, ශ්‍රි ලංකා නාවික හමුදා නිරන්තරයෙන් සිදුකරන මෙහෙයුම් තුලින් පලායමින් සිටි එම නීති විරෝධී සක්‍රමනිකයන් රැසක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදා ආරංචි මාර්ග පවසයි.
ගුවන් හමුදා ජෙට් යානාද ඇතැම් මෙහෙයුම් සදහා දායකත්ව දක්වන බැවින් එය සැලකිල්ලට ගෙන මෙම ඉන්ධන තොගය ප්‍රධාන කර ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
ඕස්ට්‍ර්ලියානු නාවික හමුදා මෙම ඉන්ධන ඉන්දියාවෙන් මිළදී ගෙන මේ ආකාරයෙන් ශ්‍රි ලංකාවට ප්‍රධාන කර ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික සරණාගතයින්ගෙන් ආරක්ෂා කරගන්න හොඳ උපක්‍රමයක්...
තවත් රට ආගාධයට දමපු පිරිසක් රටින් පිට කරන්න පුළුවන්
ඊළඟට රනිල්ටත් රටින් පනින්න ඉන්ධන අවශ්‍ය වෙයි
හැබැයි මේ ඉන්ධන තොග ඉහළ නිලධාරීන්ගෙන් පරිස්සම් කරගත යුතුයි. පහුගිය සිංහල අවුරුද්ද දවසේ අප්‍රේල් 14 නාවික හමුදාවේ ඉහළ නිලධාරියෙක් නාවික හමුදාවේ සුඛෝපභෝගී බස් එකකට නාවික හමුදාවේ ඉන්ධන අරගෙන තමන්ගේ යාළු මිතුරන් සහ ඔවුන්ගේ පවුල්වල අය අරන් බස්නාහිර පළාතේ ප්‍රධාන නගරයක ඉඳලා පොළොන්නරු පැත්තේ ලොකු සවාරියක් ගැහුවා. කෑමබීම නවාතැන් ඔක්කොම නාවික හමුදාවේ බිලට දැම්මා කියලා ආරංචිය. එතකොටත් ලංකාවේ ඉන්ධන හිඟය පටන් අරන්... අරගලකරුවන් ඔන්න ඕවාත් හොයා බලන්න. ගෝල්ෆේස් විතරක් නෙමෙයි අරගලය යන්න තිබුණේ... මේ දේවල් ආණ්ඩුවේ අනුදැනුමින් හෝ අනුමැතියක් ඇතුව වුණු දේවල් නෙවෙයි. ඔය ගොඩේ වැඩි දෙනෙක් තිබුණු ආණ්ඩුවට විරුද්ධයි. හැබැයි ඒකෙන් කෑවා සහ තවමත් කනවා...