IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙක් ටෙන්ඩර් මගඩියක

 

(යොහාන් භාසුර)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත් මුද්‍රණ අංශයේ උසස් නිලධාරියෙක් ව්‍යාජ ව්‍යාපාර සහතික ඉදිරිපත් කර පරිගණක 200 ක් සැපයීමේ කොන්ත්‍රාතත්ුවක් ලබාගෙන ඇතැයි වාර්තා වේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාල විගණන අංශය ලැබුණු පැමිණිල්ලකට අනුව කළ පරීක්‍ෂණයකදී මෙම තොරතුරු අනාවරණය වී ඇති බවත් චෝදනාව එල්ල වී ඇති නිලධාරියා ශ්‍රී ලංකා යුද හමුදාවේ ද උසස් තනතුරක් දරන්නෙකු බවත් ආරංචිමාර්ග සඳහන් කරයි.

අදාල උසස් හමුදා නිලධාරියා සිය බිරිදගේ නමින් ලියාපදිංචි සමාගමක් ඉදිරිපත් කර පරිගණක ගෙන්වීමේ ටෙන්ඩරය ලබාගෙන ඇති බවත් එක් පරිගණකයක් රුපියල් ලක්ෂ දෙකකට අධික මිලකට සපයා ඇති බවත් වාර්තා වේ.

මෙම පරිගණක සැයීමේදී පරිගණක වැඩි මිලක් ඉදිරිපත් කර ලියාපදිංචි නොමැති සමාගමක් හරහා ගෙන්වා ඇතැයි විගණන පරීක්‍ෂණයේදී හෙළිවී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් වාර්තා වේ.

වේරහැර කාර්යාලය හරහා සිදුකරන රියදුරු බලපත් මුද්‍රණයේදී දූෂණ සහ අක්‍රමිකතා සිදුවන බවට ලැබුණු පැමිණිලි හේතුවෙන් රියදුරු බලපත් මුද්‍රණය ශ්‍රී ලංකා යුද හමුදාව ලබාදුන් අතර එසේ වුවද රියදුරු බලපත් මුද්‍රණයේදී තව දුරටත් අක්‍රමිකතා සිදුවන බවට චෝදනා එල්ල වේ.



අදහස් (8)

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙක් ටෙන්ඩර් මගඩියක

Nuwan Saturday, 02 July 2022 12:08 PM

හමුදාවේ ඉඩන් දූෂණය කරනවා නම් තවත් මොනවද රටේ දූෂණ ගැන කියන්න තියෙන්නේ. කෝ හමුදා විනය? මේ සේරම බේරෙ වැවට තමයි සුදුසු.

:       1       28

පුරවැසියා..... Saturday, 02 July 2022 12:12 PM

ගහන්න පුළුවන් හැමකෙනාම හොරකම් කරන්න පුරුදු වෙලා. ඇතැම් දේශපාලකයින් පමණක් නොව ඉහළ නිලධාරීන් බොහොමයක්ද පට්ට හොරුන්ය. රට වලපල්ලටම ගොස් තිබියදීත් කරන්නේ හොරකම්ය. මොවුන්ගේ දරු පවුල්වලට පවා හෙන 7ම වැදීම වියයුතු නොවේද? රටේ මුලුමහත් සමාජය විසින් කරනු ලබන ප්‍රාර්ථනය විශ්වයට එක්ව ශාපවනු ඇත...

:       0       28

ravin Saturday, 02 July 2022 01:02 PM

දන්න තරමින් නම් ඕස්ට්‍රේලියාවේ පරිගණක නිෂ්පාදනය කරන්නේ නැත.. පිටරට සමාගම්වලින් ලබාගන්නා පරිගණක නැවත අලෙවි කිරීම පමණකි කරන්නේ...

:       1       17

Sarath Silva Saturday, 02 July 2022 02:04 PM

යුද්ධය දිනාගැනීමට මහජනතාව කළ කැපවීම බල්ලට දමා මුල් පුරවැසියා සිට රාජ්‍ය යාන්ත්‍රණයේ සියලු දෙනාම හොරකම් කරමින් රට අගාධයකට දැම්මා. හිටපු ජනපති වපුරපු දේ අස්වැන්න තමයි මේ. මෙවැනි අයට ජීවිතාන්තය දක්වා හිර දඩුවම් දිය යුතුය.

:       3       16

Dil PereraSaturday, 02 July 2022 09:38 PM

යුද්ධය දිනාගැනීමට මහජනතාව කොපමණ පරිත්‍යාගයක් කළාද කියලද ඔබතුමා කියන්නේ? බම්බුවක් කළා. අපේ ජාතිය බඩට වදිනකොට, ඔක්කොම ඉතිහාසය අමතකයි.

:       0       1

ගමේ එකාලා Saturday, 02 July 2022 07:43 PM

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. හොර ගුහාවක්...

:       0       0

de silva Sunday, 03 July 2022 07:53 AM

මෙවැනි නිලධාරීන් විසින් සිදුකළ ප්‍රකෝටි ගණන් වංචා පසුගිය කාලේ කෝප් රැස්වීම්වලදී අනාවරණය වුණා. නමුත් ඔවුන් කිසිකෙනෙක් සැකපිට අත්අඩංගුවට අරන් අධිකරණයේ නඩුපැවරීමක් මේ වනතුරු සිදුවී නැහැ. රට බංකොළොත් වෙලා තියෙන්නේ මෙවැනි පුද්ගලයින් නිසා...

:       0       2

gunda Sunday, 03 July 2022 03:48 PM

දේශපාලකයන්ට විතරක් හොරු කිව්වට වැඩක් නෑ.. සමහර නිලධාරීනුත් ඉන්නවා..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 107 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 195 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1057 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site