IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


පුවක් ගසේ කඳට යටවී පුද්ගලයෙක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කහතුඩුව වෑතර ප්‍රදේශයේ ව්‍යාපාරික  නිවසක් පිටුපස වත්තක  කඩා වැටුණු  පුවක් ගසක කඳට යටවීමෙන්   මියගොස් සිටි නාඳුනන  පුද්ගලයෙකුගේ  සිරුරක් හමුවූ බව කහතුඩුව පොලිසිය කියයි .

පුවක් ගසට නැගීමට උපයෝගී කරගත් රෙදි වලින් තනන ලද  වළල්ලක් සහ පුවක් ගෙඩි දෙසීයක් පමණ අඩංගු පෝර උරයක් ද පොලිසිය මඟින් සොයාගෙන ඇත .

ව්‍යාපාරිකයා ඇතුළු පවුලේ අය අනුරාධපුරය වන්දනාවේ යාම සඳහා  නිවසින් පිටත් වීමෙන් අනතුරුව අසල්වාසියකු නිවස පිටුපස වත්තට පැමිණ සිටියදී ඇතිවූ දුගදක් හේතුවෙන් ඒ පිළිබද සොයා බැලීමේදී  පුවක් ගසේ කඳට යට වී සිටි මෙම පුද්ගලයා දැක තිබූ බව පොලිසිය කියයි .

නිවසියන් වන්දනාව ගමන අත්හැර දමා නැවත පැමිණ ඒ බව පොලීසියට දැනුම් දීමට  කටයුතු කර තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මළ සිරුර සොයා ගන්නා විට බෙහෙවින් නරක් වී තිබූ බවත් මෙම පුද්ගලයා දින තුන හතරකට ඉහත දී මිය යන්නට ඇති බවට සැක කරන බව  පොලිසිය කියයි .

කඩා වැටී තිබූ අඩි හැටක් පමණ උසින් යුත් දිරාපත්ව තිබූ   පුවක් ගසේ  අඩි 50ක් පමණ  ඉහළට වන්නට කොටස ආසන්නයේ කඳට මෙම  පුද්ගලයාගේ ගෙල සිරවී තිබූ බව පොලිසිය කියයි  



අදහස් (0)

පුවක් ගසේ කඳට යටවී පුද්ගලයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 243 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 75 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site