
ඇස් කණ්ණාඩි රාමු සහ අව් කණ්ණාඩි නිර්මාණ සැලසුම්කරණය, නිෂ්පාදනය සහ බෙදා හැරීම සම්බන්ධයෙන් ලොව ප්‍රමුඛතම සමාගමක් වන සෆිලෝ සමූහය විසින් Carrera සන්නාමයේ 65 වැනි සංවත්සරය වෙනුවෙන් ‘‘Buying Day’’ සහ ‘‘Carrera Eyewear Night’’ යනුවෙන් සංවිධානය කරන ලද විශේෂිත වූ උත්සව දෙකක්, ශ්‍රී ලාංකීය අලෙවි නියෝජිතයන් සහ ප්‍රමුඛ පෙළේ දෘෂ්ටි සේවා ආයතනවල සහභාගිත්වයෙන් පසුගියදා කොළඹ දී පැවැත්වීය.
සෆිලෝ සමූහ ආයතනය විසින් Carrera, Polaroid, Seventh Streer, Tommy Hilfiger, Levi's Boss, Pierre Cardin, Hugo සහ අනෙකුත් බලපත්‍රලාභී සන්නාමයන්හි නවතම ඇස් කණ්ණාඩි රාමු සහ අව් කණ්ණාඩි එකතුව ශ්‍රී ලාංකීය දෘෂ්ටි සත්කාර ක්ෂේත්‍රයේ වෙළඳ හවුල්කරුවන් ප්‍රමුඛ පෙළේ ආයතන සඳහා ඉදිරිපත් කිරීම මෙහිදී සිදු විය.
නවීනපන්නයේ ඇස් කණ්ණාඩි සහ අව් කණ්ණාඩි විලාසිතා දැක්මකින් සිත්ඇදගන්නාසුළු ක්‍රියාකාරකම් රැසකින් සමන්විත වූ මෙම උත්සවයේ දී ශ්‍රී ලාංකීය දෘෂ්ටි සත්කාර ක්ෂේත්‍රයේ වෙළඳ හවුල්කරුවන් හට නවතම ජාත්‍යන්තර ප්‍රවණතා, නව්‍ය නිෂ්පාදන සහ අලෙවිකරණ ක්‍රියාමාර්ග පිළිබඳ අවබෝධයක්ද ලබා දෙන ලදී.
ඇස් කණ්ණාඩි රාමු නිෂ්පාදන පහසුකම සමඟින් 1878 දී ඉතාලියේ ආරම්භ වූ සෆිලෝ සමූහය අද වන විට අව් කණ්ණාඩි රාමු , ඇස් කණ්ණාඩි, සහ ක්‍රීඩා අක්ෂි පළඳනා නිර්මාණ සැලසුම්කරණය, නිෂ්පාදනය සහ බෙදා හැරීම සම්බන්ධයෙන් ලොව ප්‍රමුඛතම ආයතනයකි.
595
2025 දෙසැම්බර් මස 04
235
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සෆිලෝ සමූහ Carrearaසන්නාමයේ හැටපස් වන සංවත්සරය සමරයි