( ඉන්දිකා රාමනායක සහ නිමල කොඩිතුවක්කු )
කොළඹ වොක්ෂෝල්වීදියේ ගබඩාවක ගින්නක් හටගෙන ඇතැයි ගිනි නිවන හමුදාව පවසයි.
ප්ලාස්ක් භාණ්ඩ රඳවා තිබු ගබඩාවක මුලින්ම මෙම ගින්න හට ගෙන ඇති අතර මේ වන විට විදුලි උපකණ ගබාඩවක සහ පළතුරු ගබඩාවකට ගින්න පැතිර තිබේ.
මේ වන විට ගින්න නිවීම සදහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිව්මේ ඒකකයෙන් ගිනි නිවීමේ රථ 5 ක් පමණ යොදවා ඇති අතර ගිනි නිවන හමුදාවේ රථ 3 ක් හා භට කණ්ඩායමක් යොදවා ඇති බව ගිනි නිවන හමුදාව සඳහන් කළේය.
යුද හමුදාව,පොලීසිය හා ගුවන් හමුදා නිලධාරීන්ද මේ වන විට එම ස්ථානයට කැඳවා තිබේ.
(ඡායාරූප -චතුර එස් කොඩිකාර )









2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගින්න ගබඩා තුනකට පැතිරෙයි
මහාචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Monday, 24 December 2018 02:41 AM
මෙම ගින්න හට ගැනීමට හේතුව අහස් කුරක් බව ඒ සිද්දිය ඇසින් දුටු අයෙක් එක්තරා නාලිකාවකට ප්‍රකාශ කළ අන්දම අප අසාගෙන සිටියා. උත්සව කාලවලදී කුඩා දරුවන් පමණක් නොවෙයි වැඩිහිටියන් පවා රතිඥ්ඥා, අහස් කුරු මල් වෙඩි දෑ පත්තුකර විනෝද වීම ලොව පුරාම ප්‍රචලිත වූ දෙයක් නමුත් බොහෝ රටවල් එහි ඇති අන්තරාදායක තත්වය හා පරිසර දුෂණය ගැන සිතා මේ විනෝදාංශ සීමා කිරීම හෝ සම්පුර්ණයෙන් තහනම් කිරීමටද පියවර ගෙන තිබෙනවා. අප වාසය කරන ජර්මනියේ කොන්ස්ටන්ස් නගරයේ නගර සභාව විසින් ප්‍රකාශයට පත්කරන AMTBLATT නම් පුවත් පත දෙසැම්බර් 12 දාතමින් මුල් පිටුවේ පළකර තිබු ප්‍රවෘත්තියකට අනුව දෙසැම්බර් 31 දින රාත්‍රියේ හා නව වසර ලැබූ පසු රතිඥ්ඥා, අහස් කුරු මල් වෙඩි පත්තු කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කර ඇත. ශ්‍රී ලංකාවේ නගර සභා ජනතා මුදල් විශාල වශයෙන් වැයකර විදුලි බුබුළු කෝටි සංඛ්‍යාත ප්‍රමාණයක් දල්වා ප්‍රීතිය භුක්ති විඳින්න කටයුතු කලත් අවදානම් දේවල් වලින් ජනතාව වැලකි සිටිය යුතු බව කියා දෙන වැඩ පිළිවෙලවල් ක්‍රියාත්මක නොකිරීම් කනගාටුවක්.