
(උපුල් හේරත් සහ බී.ජී. චතුරංග)
අනුරාධපුරය නගරයේ ලාෆ් ගෑස් බෙදා හරිනු අලෙවි ආයතනයකට අයත් ගබඩාවක සඟවා තිබූ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 586 ක සිය බාරයට ගෙන තිබූ ගෙන පාරිභෝගිකයනට ලබා දුන් බව පාරිභෝගික අධිකාරිය පවසයි.
එම ගෑස් තොගය අතර සඟවා තබා තිබූ ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩර පන්සිය හතළිහක ප්‍රමාණයක් සහ කර්මාන්ත සඳහා භාවිතා කරන ගෑස් සිලින්ඩර පනස් හතරක ප්‍රමාණයක් හමුවූ බව පාරිභෝගික අධිකාරිය පවසයි.
අනුරාධපුර පුල්ලයාර හන්දිය,සාලිය මාවත ප්‍රදේශයේ ලාෆ් ගෑස් නියෝජිතයාට අයත් හාල් මෝලක ගබඩා පරිශ්‍රයක තිබියදී මෙම ගෑස් සිලින්ඩර තොගය අත්අඩංගුවට ගනු ලැබුණි.
ඒ අනුව එම ගෑස් සිලින්ඩර තොගය පාරිභෝගික කටයුතු අධිකාරියේ භාරයට ගෙන නිසි ආකාරයෙන් පාරිභෝගික ජනතාවට බෙදා හැරීමේ කටයුතු සිදු කිරීම සඳහා නියෝජිතයාගේ ප්‍රධාන ගෑස් බෙදා හැරීමේ මෙහෙයුම් මධ්‍යස්ථානය වෙත රැගෙන යනු ලැබීය. එහිදී එම ස්ථානයට පැමිණි පාරිභෝගික ජනතාවට එම ගෑස් සිලින්ඩර තොගය බෙදා හැරීමට මෙහිදී කටයුතු කෙරිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් අවස්ථාවක මෙවැනි අමන වැඩකරන අමනයින් වෙනුවෙන් අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට අමතරව මොහුගේ ගෑස් ඒජන්සියද අහෝසි කිරීමට පියවර ගත යුතුයි.