IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසන් සභාව අහෝසි වෙයි

(රංජන් කස්තුරි)

ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා රජයට සහායවීම පිණිස ජාතික වැටුප් කොමිසන් සභාවක් ස්ථාපිත කර තිබේ.

ඒ අනුව ඉකුත් 2019 වසරේ මාර්තු මස 18 වැනිදින සහ වරින්වර සිදුකරන ලද සංශෝධන මගින් පිහිටුවන ලද ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසන් සභාව ආහෝසි වී ඇත.

රාජ්‍ය හා පෞද්ගලික අංශවල වැටුප් වල තිරසාරභාවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා එම අංශවල වැටුප් ඇතුළු සියලු පාරිශ්‍රමික ව්‍යුහයන් සමාලෝචනය කරමින් සමස්ත රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශවලද ශ්‍රමබල අවශ්‍යතා යෝග්‍ය පරිදි සපුරාලීම එහි අරමුණ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

උපාලි විජේවීර මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කොමිසන් සභාව සාමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විතය.

චද්‍රානි සේනාරත්න, ගෝඨාභය ජයන්ත, සුජානි කුර‍ෙ, මධුරා වේහැල්, එම්.එස්.ඩී රනසිරි, වෛද්‍ය ආනන්ද හපුගොඩ, මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න, අජිත් නායනාකාන්ත, රවී ලියනගේ, සනත් එදිරිවීර, මහාචාර්ය රංජිත් සේනාරත්න, ඉංජිනේරු ආර්.එම් අමරසේකර, විශ්‍රාමික මේජර් ජනරාල්, සිරි රණවීර සහ ඩබ්.එච් පියදාස යන මහත්ම මහත්මීහු එම කොමිසමේ සෙසු සාමාජිකයෝ වෙති.



අදහස් (3)

ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසන් සභාව අහෝසි වෙයි

සමන් කොඩිතුවක්කු Friday, 14 February 2020 06:23 PM

මෙම ප්‍රවෘත්තිය කියවන්නාට ලිපියේ අරුත නොතේරේ. පොඩ්ඩක් කියවලා බලන්න....

:       0       0

lgj Saturday, 15 February 2020 04:23 AM

මේ වන විට වෘත්තීය (රජයේ සේවක) සමිති ඉතාමත් දඩබ්බර ලෙස ඉල්ලීම් දිනාගැනීමේ සටන් දියත් කරනු පෙනේ. ඒ මදිවාට රැකියා අපේක්ෂිතයන් ද සංවිධානාත්මකව අභියෝගාත්මක සටන් ක්‍රම දියත් කරනු පෙනේ. මෙවන් තත්වයක් තුල ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමක අවශ්‍යතාව ප්‍රාෙයා්ගික දැයි විමසා බලනු වටී. මෙය කොමිෂන් සභාව නඩත්තු කිරීමට මුදල් වැය තිරීමකි. රැකියා සහ වැටුප් ක්‍රම සම්බන්ධව කටයුතු කිරීමට වගකිවයුතු නිධාරීන්ගෙන් සැදුම් ලත් දෙපාර්ථමේන්තුවක් ඇති කිරීම සහ ඒ මගින් රැකියා, වැටුප් සහ සේවක අයිතිවාසිකම් සම්බන්ධ තීරණ ගැනීම සහ කායක්ෂමව යෝජනා රජයට ඉදිරිපත් කිරීම සිදු කළ යුතුය.

:       0       0

denin Saturday, 15 February 2020 05:43 AM

මේක ඕන කෙනෙකුට තේරෙනවා. මේ කල්මරමින් වැටුප් වැඩිවීම් ප්‍රමාදකරන්න කරන වැඩක් බව ඒ වගේම අනවශ්‍ය මුදල් නාස්තියක් කොමිසන් දෙකකට මුදල් ගෙවීම.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1287 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 465 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site