
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දින හයක් තිස්සේ බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ අයි ඕ සි ඉන්ධන පිරවුම්හල අසල පෝලිමේ රැඳී සිටින පාරිභෝගිකයෝ පිරිසක් තමන්ට ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලා අද (3) ඉන්ධන හල ඉදිරිපිටින් මාර්ගය වසා සිය විරෝධය පළ කළහ
ඇතැමෙක් මාර්ගයේ වැතිර සිටින්නට වු අතර ටයර් පිලිස්සීම ටද කටයුතු කළහ
මේ හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගත් වාහන රිය දුරන් දැඩි අපහසුතාවයට පත්වූ අතර ඔහු සිය විරෝධය දක්වමින් ආපසු හැරී ගියහ
විනාඩි තිහක් පමණ ගත වෙද්දී එම ස්ථානයට කඩා වැදුණු ගම්වාසී තරුණයන් පිරිසක් මාර්ගයේ වැසූ පිරිසට සිය විරෝධය දක්වමින් මාර්ගය හරහා දමා තිබූ සියලු බාධක ඉවත් කර වාහන ධාවනයට ඉඩ සලසා දුන්හ .
දෙපිරිස අතර දැඩි බහින් බස්වීමක් සිදුවිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd