
( සමන් විජය බණ්ඩාර සහ රංජිත් රාජපක්ෂ)
ඉන්ධන පොලිම්වලට බොහෝ දෙනා සිය වාහනවල ඇති ඉන්ධන කෑන්වලට පුරවා පසුව ඉන්ධන ලබා ගන්නා බවට චෝදනා එල්ල වෙමින් පවතී.
පසුව එසේ ලබාගන්නා ඉන්ධන වැඩිමිලට අලෙවි කරන ජාවාරමක් ක්‍රියාත්මක වන බව ද බොහෝ ප්‍රදේශවලින් වාර්තා වෙයි.
ඇතැම් පිරිස් සිය මෝටර් රථයේ ඉන්ධන කෑන්වලට ගෙන නැවත පොලිම්වලට ගොස් ඉන්ධන ලබා ගෙන අලෙවි කිරීමේ ජාවාරමක් සිදු කරන බව ද විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙයි.
ඇතැමි පිරස් දවස අවස්ථා හත අටකදි මේ ආකාරයෙන් ඉන්ධන සිය ත්‍රිරෝද රථවලට හා යතුරු පැදිවලට ලබාගන්නා අයුරුද ද දැක ගත හැකියි.
තත්ත්වය එසේ තිබියදී හෙම්මාවතගම සමූපකාර ඉන්ධන පිරවුම්හලෙන් හා හැටන් නගරයේ ඉන්ධන පිරවුම්හල් අසල පොලිමේ නවතා තිබූ පෞද්ගලික බස්වල සේවකයන් එම බස්රථවල ටැංකියෙන් ඉන්ධන කෑන්වලට පුරවන අයුරු ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මේ ආකාරයෙනි.
බස් රථවලට සීමාවකින් තොරව ඩීසල් නිකුත් කිරීමේදී මෙවැනි ක්‍රියා නිසා ඇතැම්වාහන හිමියන්ට ඉන්ධන ලබාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.
මේ හේතුවෙන නිසා ඇතැම් ඉන්ධනහල් ඉදිරිපිට දී ගැටුම්කාරි තත්ත්වය පාලනය සඳහා මේ වනවිට යුද හමුදා ආරක්ෂව යොදා ඇත.


හැටන් ඉන්ධන පිරවුම්හල් අසල



COMMENTS
තමන්ගේ වාහනයේ ඉන්ධන තමන්ගේ බූලියකට ඇදගැනීමේ කිසිඳු වරදක් නැත. මොවුන් මෙසේ කරනුයේ පෝලිමේ සිටීමෙන් උපරිම ඉන්ධන ප්‍රමාණය ලබාගැනීමටයි. ධාවනයේදී ටැංකිය හිස්වනවිට, කළින් එළියට ඇදගත් ඉන්ධන යළිත් ටැංකියට දමාගනු ලැබේ. පවතින තත්වය යටතේ එහි වරදක් දැකිය නොහැක...
හොරකමක්, වංචාවක් වෙනවා නම් අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ.. ඒත් මේකේ පේන්න වැරැද්දක් නෑ. මොකද මේවා ඔක්කොම රචනා බයිලා විතරයි. ඔය ඉතුරු තෙල් ටික අරන් ටැංකිය පිරෙන්න ගැහෙව්වේ නැත්නම් ඊළඟ පාර කොයි වෙලේ කොච්චර පෝලිමක ඉන්න වෙනවද? කවදා තෙල් එනවාද කියලා ඔබතුමාලාට කියන්න පුළුවන්ද? රටේ මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා තෙල් ඕනෑ තරම් තියෙනවා කියලා පම්පෝරි ගහලා පහුවෙනිදා ඉඳන් තෙල් නැතිවුණු අවස්ථා කීයක් පහුගිය දවස්වල දැක්කාද? ඇයි ඕවාට කතාකරන්නේ නැත්තේ..?
මෙය වැළැක්වීමට ගත හැකි හොඳම පියවර නම්, සෑම වාහනයකටම "ටෝකන් පතක්" නිකුත් කිරීමයි. ඉන්ධන ලබාදිය යුත්තේ එම ටෝකන් එක මාර්ක් කිරීමෙන් පසුවයි...
මෙසේ කිරීමට පෙළඹෙන්නේ රජය කී පරිදි සමහර ශෙඩ්වල ඉන්ධන ටැංකිය පිරෙන්න දෙන්නේ නැහැ. රුපියල් 15000ක් තමයි දෙන්නේ. දවස් 2ක් පෝලිමේ ඉඳලා රුපියල් 15000 ඉන්ධනවලින් දවසකට වඩා දුවන්න බැහැ... ඒකයි හේතුව...
ආමි එකේ අය සහ පොලිසියේ අය ඉන්ධන විකුණන විට ඉන්ධන පිරවුම්හලට සේවයේ යොදවා ඉන්නවනේ... ඒ අයගෙන් කෙනෙකුට කියන්න ඉන්ධන ලබාගන්නා අයගේ වාහන අංකය සහ ජාතික හැඳුනුම්පත් අංකය ලියාගන්න කියන්න. මෙය බලශක්ති අමාත්‍යාංශයේ දත්ත ගබඩාවේ යාවත්කාලීන කරන්න ක්‍රමලේඛනයක් හදන්න කියන්න. එම දත්ත ගබඩාවෙන් ඉන්ධන ලබාගන්නා අයගේ තොරතුරු එම අවස්ථාවේම බලධාරින්ට දෙන්න පුළුවන්. ඔවුන්ට එය කරන්න බැරි නම් උසස්පෙළ ළමයෙකුට එය හදාදෙන්න කියන්න..