(යොහාන් භාසුර)
අයහපත් කාලගුණයෙන් දුම්රිය මාර්ගවලට හානිසිදුවීම නිසා අත්හිටුවා තිබූ උඩරට සහ පුත්තල මාර්ගවල දුම්රිය ධාවනය හෙට (29) නැවත ආරම්භ කරන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා ‘ලංකාදීප’යට පැවසීය.
කොළඹ සිට බදුල්ල දක්වා ‘පොඩි මැණිකේ’ දුම්රිය පමණක් හෙට (29) සිට කොළඹ කොටුවෙන් පෙරවරු 5.55 ට ද, බදුල්ලෙන් පෙරවරු 8.30 පිටත් වන බවත් කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වන සෙසු දුම්රියන් ඉතාම ඉක්මණින් ධාවනය කිරීමට සැළසුම් කරමින් සිටින බවත් කසුන් චාමර මහතා කීය.
පුත්තලම මාර්ගයේ නාය යාමට ලක්වූ මුන්දලම සහ පාලවි අතර දුම්රිය මාර්ගය මේ වනවිට ධාවන කටයුතු සඳහා සූඳානම් කර තිබීමෙන් පුත්තලම දක්වා දුම්රිය ධාවනය ද ඊයේ (28) ආරම්භ කළ බවත් ගාල්ල දක්වා රාත්‍රී තැපැල් දුම්රිය හැර සෙසු සියලුම තැපැල් දුම්රිය මේ දක්වා ධාවනය නොවන බවත් ඒ මහතා සඳහන් කළේය.
අත්හිටුවා තිබූ දුම්රිය ධාවනය මේ මස 8 වැනිදා ආරම්භ කිරීමට සූදානම් වුවද කාලගුණය හරස් වීමෙන් උඩරට සහ පුත්තලම මාර්ගවල දුම්රිය ධාවයන අත්හිටුවූ බව කී කසුන් චාමර මහතා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ සිට පහළ දක්වා නිලධාරීන්ගේ කැපවීමෙන් මෙතරම් ඉක්මණින් මාර්ගය ධාවනයට සුදුසු තත්වයට පත්කිරීමට හැකිවූ බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
254
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘පොඩි මැණිකේ’ බදුලු යන්න සූදානම්