
වැටකොටු,මුර කපොළු හුරු පුරුදුයි අපට
දරුවනි ! නොම සැලෙන් දෙවි පිහිටයි නුඹට - සුජිත් ප්‍රසංග
( හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එච්. චන්දන)
පවතින අධික වර්ෂාවත් සමඟ පුත්තලම දිස්ත්‍රික්කයේ විභාග මධ්‍යස්ථාන පවතින පාසල් රැසක් ජලයෙන් යටවීමෙන් අද (24) සිසුහු දැඩි අපහසුතාවට පත්වූහ.
පුත්තලම නගරයේ ශාන්ත ඇන්ඩෘ විද්‍යාලය , පුත්තලම ෆාතිමා බාලිකා විද්‍යාලය ,සහිරා විද්‍යාලය, කිල්අඩිය මුස්ලිම් විද්‍යාල ඇතුළු විභාග මධ්‍යස්ථාන ඇතුළු පාසල් රැසක් අධික වැස්සට යට වී තිබේ.
මේ වන විට බාධාවකින් තොරව ආරක්ෂිත ස්ථානවලට සිසුන් රැගෙන ගොස් විභාගය පවත්වන බව පුත්තලම අධ්‍යාපන කාර්යාලය සදහන් කරයි.
අපදා කළමණාකරණ මධ්‍යස්ථානය, යුද හමුදාව , පොලීසිය මැහත්ව සිසුන් ආරක්ෂිත ස්ථානවලට රැගෙන ගොස් එම විදුහල්වලම උස් ස්ථානවල විභාගය පැවැත්වෙන බව අධ්‍යාපන කාර්යාලය සඳහන් කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාධක මැදින් ඉදිරියටම යමු දරුවනේ...!
රණවිරුවනි, ඔබගේ සේවාව සහ කැපවීම විශිෂ්ටයි.
නාට්‍ය...!!!
ආපදාවක් වුණු වෙලාවට එන්න ඉන්නේ ඔය 8පාස් කියලා කියන අය විතරක් කියලා මතක තබාගන්න.
මේ කරන්නේ රඟපෑමක් බව නොවැටෙහෙන පිරිස ගැන දුකයි. මොකද අද වෙද්දී ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ජනතාවගේ අප්‍රසාදයට පත්වෙලා තියෙන්නේ. ඒක ආපසු හරවන්න කරණ රඟපෑමක් මේක. නැතිව ලංකාවට ආපු මුල්ම වැස්සද මේ...? මිනිස්සු රවට්ටන්න පුළුවන් කියලා දන්නවනේ...!