(ඩී.ජී.සුගතපාල)
මෙයට මාස එකහමාරකට පමණ පෙර අයාලේ යන බල්ලෙකු සපා කන ලද පාසල් සිසුවෙකු අසනීප වීමෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු අද (29) මියගිය බව රෝහල් පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මාපලගම ගොරකගස්දුව පදිංචිව සිටි කහවෙ ගුරුගේ ගවේෂ් නෙත්සර නැමති 12 හැවිරිදි සිසුවෙකි.
මියගිය සිසුවාගේ මරණ පරික්ෂණය හදිසි මරණ පරික්ෂක ඒ.ආර්.එම්.නාසිම් මහතා විසින් කරාපිටිය රෝහලේ දි පැවැත්වූ අතර පශ්චාත් මරණ පරික්ෂණය කරාපිටිය රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර මහතා විසින් පවත්වන ලදි.
අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වාර්තාකර ඇත්තේ සිසුවාගේ මරණයට හේතුව ජල භිතිකාව බවට සැකකරන අතර වැඩිදුර පරික්ෂණ සඳහා සිරුරේ කොටස් කොළඹ වෛද්‍ය පර්යේෂනායතනයට යවා වාර්තාව ලැබුණු පසු මරණයට හේතුව ස්ථිරවම ප්‍රකාශ කරන බවයි.
මියගිය සිසුවාගේ අක්කා මරණ පරික්ෂණයේදි සාක්කි දෙමින් කියා සිටියේ මෙයට මාස එකහමාරකට පමණ පෙර ටියුෂන් පංතියට යන ගමන් මල්ලි පාරේ දී බල්ලෙක් සපා කා ඇති නමුත් එයට ප්‍රතිකාර නොගත් බවයි.
මරණ පරික්ෂණයේදි ඉදිරිපත්වු සාක්කි හා පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව සැළකිල්ලට ගත් හදිසි මරණ පරික්ෂකවරයා මරණ පරික්ෂණයේ තින්දුව පසුවට කල් තබා ප්‍රමාදයකින් තොරව අඩි හයක් ගැඹුරු වලක සිරුර මිහිදන් කරන ලෙසට නියෝග කර සිරුර ඥාතීන්ට බාර දෙනු ලැබිණි.
අතවර සිද්ධියකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරියක මහල් නිවාසයකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධ සංවාදයක් අතරතුරදී ඇතිවූ ගාලගෝට
ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.
මැයි මස 12,13 සහ 14 යන දිනයන්හි දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළදසැල් වල මස් මාංශ අලෙවි කිරීම න
ආණ්ඩුවේ නොහැකියාව නිසා අද වන වන විට පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයා යන දෙදෙනාම බැටකන තත්ත්වයට පත්වී තිබෙන බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩා
විපක්ෂයට ජාතික ජන බලවේගයේ සටන් පාඨ අරගෙන ඉදිරියට යාමට සිදුවීම රටේ ජයග්‍රහණයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තු
ශ්රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් සහ හිටපු රාජ්‍ය නායකයින් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු ලෙස කප්පාදු කිර
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
බල්ලකු සපා කෑ සිසුවා රෝහලේ දී මිය යයි
අමර Tuesday, 29 September 2020 10:48 AM
හරක් මුදවාගන්නත්, රිලව් මරන්නත් කලින් අයාලේ යන බල්ලන් ගැන බැලුවොත් ජීවිත ඉතිරිවෙයි.
සේනක Tuesday, 29 September 2020 11:15 AM
මිනිස්සුන්ට මොනවා වුණත් කමක් නෑ. බල්ලො පූසො හරක්ගෙ අයිතිවාසිකම් හිමිකම් වලට මූලිකත්වය දෙමු. එතකොට තමයි මේ රට සුඛිත මුදිත වෙන්නේ. නියම සත්ව කරුණාව තියෙන පුද්ගලයින්ට මිනිස්සු ගැනත් කරුණාව පහළ වෙන්න ඕනෑ. දැන් ඔය ගොඩක් සත්තු බදාගෙන උන්ට ආදරේ කරන මිනිස්සු ගත්තොත් ඒ අය සමාජෙ එක්ක මිනිස්සු එක්ක ඇරියස් තියාගෙන මිනිස්සුන්ට වෛර කරන කොට්ඨාශයක්. ළමයි හදනවාට වඩා සත්තු හදන්න පෙළඹෙන්නේ ළමයි වහල්ලු වගේ තමන්ට ඕනෑ විදියට හැදෙන්නේ නැති නිසා. ළමයි හැදීම පරිත්‍යාගයක්. ඒකට බෝධිසත්ව ගතිගුණ තියෙන්න ඕනෑ. මිනිස්සු ඈත් කරලා සත්තු ළංකරගන්න එක විසඳුම නෙමෙයි...
Walter WhiteTuesday, 29 September 2020 11:49 PM
මේ වගේ සමාජෙක ළමයෙක් හදන්න පුලුවන්ද? අනික ළමයින්ට ආදරේ නම් ඇයි මිනිස්සු මෙහෙම හැසිරෙන්නේ.., තමුන් මාධ්‍යවේදියෙක් කියනවානේ... බලන්න පත්තරේ අරගෙන, උදේම පත්තරේ කියවලා සිත සතුටින් පිනායනවා නේද? කොතැන බැලුවත් මොකක් හරි අපරාධයක්.... පොඩි දරුවෝ මහා රෑ නිවසින් අතුරුදහන් වෙලා ඇළ දොලේ පාවෙවී ඉන්නවා. දියණියට අතවර කරන්න ආ අපරාධකරුවන් පිහියෙන් ඇනලා පියෙක් රෝහලේ. ඉතින් එහෙව් සමාජෙක පුළුවන් මිනිහෙක් හරි, ගෑණියෙක් හරි අසරණ සත්තුන්ට සලකන එකෙන් මේ සමාජෙට කෙරෙන්නේ අංශුවක හරි උපකාරයක්, ඒ දෙයට උපහාසෙන් පහර ගහන අය ඒ වගේ දෙයක් කරන්න හිතන්නේ නැත්තේ තියෙන ආත්මාර්ථකාමීකම නිසා. නාකි වෙනකොට බලාගන්න කවුරුවත් නෑනේ... මේ දේපොළ ටික පිට යන්න දෙන්න බෑ. කෙල්ලෙක්ට වඩා කොල්ලෙක් හිටියානම් හොඳා... ඕයි බලනවකෝ අර ළමයා හරි පව්! ඔය වගේ අදහස් ඕනෑම තැනකින් අහන්න ලැබෙනවා යයි හිතනවද? ඒ සමාජේ හරි සුන්දරයි කියලා... හැමෝම හිනාවෙලා ආදරෙන්, කරුණාවෙන් අනුන්ට උදව් කරගෙන ඉන්නවා කියලා...
amila Tuesday, 29 September 2020 11:47 AM
ඉස්සර අයාලේ යන බල්ලන් ගේන වැඩපිළිවෙළක් තිබ්බා. නමුත් ධර්මද්වීපයක් කියලා සත්තු මරන එක තහනම් කළා. ප්‍රශ්නෙ ඒක නෙමෙයි, මනුස්ස ජීවිතයක වටිනාකම බල්ලෙකුගේ ජීවිතයට වඩා වැඩියි. ඒක නිසා අඩු ගානේ මරන්නේ නැතිනම් බෙහෙත් විදින වැඩ පිළිවෙළක්වත් ඕනෑ..
nimal Tuesday, 29 September 2020 01:53 PM
මේ වගේ සුලු දේකටවත් සුදුසු ප්‍රතිකාරයක් ලබාගන්න බැරි වෛද්‍ය විද්‍යාවෙන් ඇති ඵලය කුමක්ද? හරිම කණගාටු දායකයි.
KamalTuesday, 29 September 2020 02:18 PM
බල්ලෙක් කෑවම ප්‍රතිකාර ලබා දෙන්න දෙමාපියො දැනගන්න ඕනෑ.. ලෙඩේ හැදුණාට පස්සේ බේරන්න බෑ..
සාරසීWednesday, 30 September 2020 06:52 AM
බල්ලෝ, පූසෝ කෑවාම එන්නත් තියෙනවා. පිස්සු බල්ලෙක් කෑවත් එන්නත් තියෙනවා බොරුවට සත්තුන්ට බැන බැන ඉඳලා වැඩක් නෑ. පාසල්වල ඕවත් උගන්නන්න ඕනෑ වගේ.. දෙමාපියන් තමයි වැරදි.
Saththaya Wednesday, 30 September 2020 01:59 AM
මීගමුවේ පෙරියමුල්ල ප්‍රදේශයේ වුණු සිද්ධියට හැමෝම දොස් පැවරුවේ බල්ලා මරපු කෙනාට... ඒක හරි යයි කියමුකෝ.., බල්ලා හදලා එළියට දාපු කෙනාව මේ වගේ හේතු නිසා රිමාන්ඩ් කරන නීතියක් මේ රටේ තිබුණේ නැහැ. බල්ලන් හදනවා නම් පාරේ අරින්න බැරි නීතියක් මේ රටට අනිවාර්යෙන්ම ඕනෑකරන යුගයක් මේක... බල්ලන් මගින් කොරෝනා බෝ වෙන්නත් පුළුවන්...
de silva Thursday, 01 October 2020 11:59 AM
අයාලේ යන බල්ලෝ අල්ලලා වඳ සැත්කම් කරන්න ඕනේ. එහෙම නැතිනම් උන්ව එන්නත් කරන්න ඕනේ. එහෙමත් බැරිනම් මරලා දාන්න ඕනේ. මේ මුකුත්ම නොකර නිකන්ම ඉඳීමෙන් ජල භීතිකාව මර්ධනය කළ නොහැක. බල්ලෝ කෑවාට පස්සේ පිස්සු බලු රෝගෙට එන්නත් කිරීම ඉතා මිල අධික සහ අසීරු කාර්යයකි. මාස 3ක් තුළ නිසි කලට වේලාවට එන්නත් 5ක් විතර මේ මනුස්සයාට ගහන්න ඕනේ. මේවා ලංකාවේ සෑම රෝහලකම නොමැත. කරන දෙයක් ඉක්මනට කරන්න. නැතිනම් කොරෝනා නිසා සිටියා වගේ ජලභීතිකාව නිසා මුලු රටේම ඇඳිරි නීතිය දමාගෙන ඉන්න වේවි..!!!