අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ සහ මහා නගර  හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ  වැය ශීර්ෂ දෙක අද පරාජයට පත් විය.
 
මෙම අමාත්‍යංශ දෙකෙහි වැය ශීර්ෂ සඳහා  අද රාත්‍රී ඡන්ද විමසීම පැවැත්විණි.
 
මහා නගර සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 24ක් ලැබුණු අතර ඊට එරෙහිව ඡන්ද 38ක් ලැබිණි.
 
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශ වැයශිර්ෂයේ 260 වැයශිර්ෂය වැඩි ඡන්ද 18 කින් පරාජය විය. වැය ශිර්ෂයට පක්ෂව ඡන්ද 20 ලැබුණු අතර විරුද්ධව ඡන්ද 38 ද ලැබිණි.
 
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශයේ  261 සිට 289 දක්වා සියලු වැය ශිර්ෂ  පරාජයට පත් විය. පක්ෂව ඡන්ද  23 ක් ලැබුණු අතර විපක්ෂව 38 ක්  ලැබිණි.
 
මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ    162 හා 311 වැය ශීර්ෂද පරාජය වූ අතර එයට පක්ෂව ඡන්ද 24 ද විපක්ෂව ඡන්ද 38 ද හිමිවිය.
 
ඡන්දය විමසන අවස්ථාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු රැසක් සභා ගැබේ නොසිටියහ.