IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


දරුවන් ගැන සොයන්න ගම්පහින් අලුත් වැඩක්

(තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික්කයෙහි  සියලුම  පාසල් පිළිබඳව විශේෂයෙන් සොයා බැලීමට  නිලධාරියකු බැගින් පත් කර ඇතැයි ගම්පහ දිසාපති ඩබ්ලිව්.ජේ.සත්‍යානන්ද මහතා පැවසීය.

දිස්ත්‍රික්කය පුරාම පාසල්වල සිසු දරුවන්ගේ පෝෂණ මට්ටම සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරුන් , පාසල්වල විදුහල්පතිවරුන් සහ මව් පියන් සමග සාකච්ඡා කරමින් අවශ්‍ය පහසුකම් සලසාදීම පියවර ගෙන ඇති බව දිසාපතිවරයා කියා සිටියේය. කැලණිය ප්‍රදේශයේ පාසල් 12 ක් හදුනාගෙන ව්‍යාපාරිකයන් සහ අනුග්‍රාහකයන් මාර්ගයෙන් මාස තුනක් සදහා වියළි සලාක ලබාදීමට කටයුතු කටයුතු කොට ඇති බවත් මේ යටතේ පෝෂණයෙන් යුත් ආහාර වේලක් පාසල් තුලදීම ලබාදීමට පියවර ගනු ලබන බවත්ය.

ඒ ඒ පාසල්වල විදුහල්පතිවරුන් ,කලාප සහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, මව් පියන් හා පාසල් ප්‍රජාව සම්බන්ධ කරගනිමින් පාසල් සම්බන්ධයෙන් සෘජු අධීක්ෂණයන් කිරීම පිනිස නිලධාරීන් යෙදවීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් මේ අනුව අවශ්‍යතා පවතින පාසල් හදුනාගෙන එම පාසල් සදහා වැඩසටහන් සකස් කළ හැකි බවද දිසාපති සත්‍යානන්ද මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (2)

දරුවන් ගැන සොයන්න ගම්පහින් අලුත් වැඩක්

ලලිත් අම්බලන්ගොඩ Thursday, 29 September 2022 07:59 AM

ඉතා හොද වැඩ පිළිවෙලක්. අගය කල යුතුයි. අපි අම්බලන්ගොඩ. මෙහෙ දේශපාලුවො නම් සොයා බලන්නෙ ශිෂ්‍යත්ව විභාගය වැනි විභාග පාස් වෙච්ච ලමයි කවුද කියල. මොකටද දන්නවද,රජයේ වියදමින් තෑගි බෝග දීල තමන්ගේ මුහුණස්තාඩුව ඒ දරැවන්ගෙ ගෙවල් වල සාලෙ මැදට යවන්න. ඒනිසා අම්බලන්ගොඩ සහ ඒ අවට බොහෝ පාසල් වල දරැවන්ද මේ දිනවල බඩ ගින්නේ පෙලෙනවා.ඒ අය ගැනත් සොයා බලන්න අවශ්‍යයි.මමත් ගුරැවරයෙක්.මම සේවය කරන පාසලේත් දරැවන් වෙනදාට වඩා වැඩි පිරිසක් උදෑසන රස්විිමෙදී ක්ලාන්ත වෙනවා.සොයාල බැලුවමහ වේල දෙකක් විතර කාල නැහැ. මේක තමයි ඇත්තම තත්වය.නම කියන්න අවශ්‍ය නැහැ.අපි ගුරැ දෙවිවරැ මිසක අපි ගුරැ හොරැ නොවයි.ඒ නිසා මම ගැන සොයන්න කලින් මේ දරැවන් ගැන සොයන්න. ගම්පහ වැඩේ නම් ඉතා අගේ කල යුතුයි.

:       1       5

චන්දන Thursday, 29 September 2022 12:29 PM

ලමයි අතර මත් ද්‍රව්‍ය භාවිතා කිරීම වැඩි වෙලා. ඒ සඳහා වැඩ පිළිවෙළක් යෙදීම ට ස්‍රදානම් වූ දකුණේ කන්නන්ගර මැතිතුමා ගේ පාසලේ ශිෂ්‍ය නායකයින් හා ගුරුවරුන් ට විදුහල්පති උපදෙස් දී ඇත්තේ සිසුන් ට බලපෑම් නොකරන ලෙස ත් බෑග් පරීක්ෂා නොකරන ලෙසත් ය. එම පාසලේ 10, 11 පන්ති වල සිසුන් අධික ලෙස මත් ද්‍රව්‍ය භාවිතා කරන බවට චෝදනා එල්ල වේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 168 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 378 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site