
(යොහාන් භාසුර)
රට තුළ පවතින දැඩි ඉන්ධන හිඟය සහ ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ පාපැදි සඳහා ඉල්ලුම අධික ලෙස ඉහළ ගොස් ඇති බව පාපැදි වෙළෙඳ ව්‍යාපාරිකයෝ පවසති.
කොළඹ නගරයේ පාපැදි අළෙවිසල් පෙරවරුවේ විවෘත කරන තෙක් ජනතාව වෙළෙඳසල් ඉදිරිපිට රැදී සිටින බවත් ඉල්ලුමට සැපයුම ලබාදිය නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවත් ව්‍යාපාරිකයෝ කියති.
මෙම අධික ඉල්ලුම හේතුවෙන් පාපැදිවල මිල ද ඉහළ ගොස් ඇති බවත් පාපැදිවල මිල රුපියල් 35,000 ඉක්මා ඇති බවත් ව්‍යාපාරිකයෝ පවසති.
(ඡායාරූප: ශාන්ත රත්නායක)



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.