(රංජන් කස්තුරි)
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන්ගේ සැලසුම් ප්‍රතික්ෂේපකරමින් බලධාරීන් කටයුතු කිරීම නිසා අනාගතයේ රට අඳුරු අගාධයකට වැටීමේ අවදානමක් මතුව ඇතැයි ලංවීම ඉංජිනේරු සංගමය චෝදනා කරයි.
‘‘ලංවීම ඉංජිනේරුවරුන්ගේ ගල්ඇඟරු මාෆියාව‘‘ යනුවෙන් ව්‍යාජ බිල්ලෙක් මවමින් ගල්අඟුරු බලාගාර ප්‍රතිකෂේප කිරීම නිසා අනාගතයේදී රටේ දැඩි විදුලි අර්බුදයක් හටගනු ඇතැයිද ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික චරිත ජයනාත් මහතා පැවැසීය.
ලංවීම ඉංජිනේරුවන් එදා සිටම මේ දක්වා අඩුවියදම් විදුලිබල ජනන ක්‍රමයක් වන ගල්ඇඟුරු බලාගාරවල අවශ්‍යතාවය මතු කළ බව ද ජයනාත් මහතා කීය.
සූර්යබල පැනල කර්මානතකරුවන් සහ රාජ්‍ය නොවන සංවිධාන එජන්තයින් ලබා ලැබීමේ අපෙක්ෂාවෙන් බලධාරීන්ට සහ රටට වැරදි චිත්‍රයක් මවා ඇතැයිද ඔහු පැවැසීය.
COMMENTS
මම දන්න විදියට ගොඩක් ගල් අඟුරු බලාගාර පාවිච්චි කරන රටවල් ඒ වගෙන් අයින් වෙන්න විකල්ප බලශක්ති හොයනවා. ඇයි ඉතින් අපි ආයේ ඒවාට යන්නේ. එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක වලින් එකක් පුනර්ජනනීය බලශක්තිය... එහෙම බලනකොට මේ ඉංජිනේරුවන්ගේ කතාවේ ලොකු පරස්පර විරෝධී ගතියක් තියෙනවා..
මේ ඉංජිනේරුවෝ සත්‍යමද කියන්නේ? ඇයි එහෙනම් බොහෝ රටවල් අඩු වියදම් පරිසර හිතකාමී සූර්ය බල ශක්තිය දියුණුකරන්නේ? ඇයි මේ ඉංජිනේරුවන් එවැනි බලශක්ති ප්‍රවර්ධනයට බාධා කරන්නේ. ගල් අඟුරු භාවිතය පරිසර හිතකාමී නොවන නිසා බොහෝ රටවල් එවැනි බලශක්ති ක්‍රම වලින් ඈත්වෙනවා. මෙය පැහැදිලි කරදෙන ලෙස විදුලි ඉංජිනේරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.
චීනය ලංකාවේම සෝලා පවර් ඒකාධිකාරිය ගන්නයි යන්නේ...
ගල් අඟුරු බලාගාර නිසා අම්ල වැසි, ශාක ප්‍රජාව විනාශවීම (දුම සමග පිටවන සියුම් අළු ශාක පත්‍ර මත තැන්පත් වී ප්‍රභාසංස්ලේෂණය අවහිරවීමෙන්..) උෂ්ණත්වය ඉහළයාම... ඇතුළු පරිසර හානි රැසක් මෙන්ම ජනතාවගේ සෞඛ්‍යයටත් ඉන් දැඩි බලපෑම් ඇතිවෙනවා. එංගලන්තයත් ඒ රටේ තිබු අන්තිම ගල්අඟුරු බලාගාරයත් දැනට අවුරුදු 2 කට කලින් වසා දැමුවා. ඒ වගේම තමයි බොහෝ දෙනෙක් අමතක කරන දෙයක් තමයි සූර්ය කෝෂ පැනලයකින් අපට ලැබෙන්නේ හිරුගෙන් අපට ලැබෙන ශක්තියෙන් 24%ක් පමණක් බව. නමුත් සූර්ය "තාපයෙන්" 60% කටත් වඩා බලශක්තිය බවට පරිවර්තනය කරන්න හැකි "සුර්යතාප විදුලි ජනක" කෙරෙහි දැන් විද්‍යාඥයින්ගේ සිත යොමුවෙලා. දැන් විද්‍යාඥයන් සොයමින් සිටින්නේ නිශ්චිත උෂ්ණත්වයකදී ප්‍රබල ලෙස ප්‍රසාරණය වන වායුවක් පිළිබඳවයි. දැනටමත් ඉක්මනින් ප්‍රසාරණය වන - මොහොතකින් සංකෝචනය වන වායුන් රැසක් යොදාගෙන ටර්බයිනයක් වේගයෙන් කරකැවීමට ඔවුන් සමත් වී සිටිනවා. තව අවුරුදු 4ක් 5 ක් යනකොට මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට විද්‍යාඥයින් අදහස් කරනවා. එහෙම වුණොත් ගිගාවොට් 1ක් නිපදවීමට අද අප යොදාගන්නා හිරුගේ ශක්තියෙන් ගිගාවොට් 4 ක් පමණ නිපදවන්න හැකිවේවි...!!!
සූර්ය ශක්තිය තියෙන්නේ ඉර තිබෙන වෙලාවට විතරයි. විදුලි ඉල්ලුම අධික රෑට හා උදේ පාන්දර ඉර නෑ... දැන් මේ දිනවල කාලගුණය නිසා ඉර එලිය කොහොමත් ඒකාකාර විදිහට ලැබෙන්නේ නෑ. ඉතින් එහෙනම් විදුලිය ගබඩා කරන්න වෙනවා. විදුලිය ගබඩා කරන්න තිබෙන ක්‍රම සියල්ල ඉතාමත් මිල අධිකයි. දැන් ලංකාවේ අයට එහෙම අධික මිල විදුලියට ගෙවන්න සල්ලි තියෙනවද? මේකත් හරියට ඕගනික් ෆුඩ් වගේ තමයි. තමන් වවා ගත්තේ නැත්නම් කාබනික ආහාර සෑහෙන ගණන් අනිත් ඒවාට වඩා. ආස වුණාට ගන්න සල්ලි නෑ. සෝලා පැනල් ගහගෙන, ගෙදරින් එළියට ජාතික ජාලයට තියන විදුලි සම්බන්ධය විසන්ධි කර ගත්තොත් මොකෙක්ටවත් ඉන්න බෑ. ඒකනේ සෝලා පැනල්වල ගුණ ගයන හැමෝම විදුලිබල මණ්ඩලයට කනෙක්ශන් එක තියා ගන්නේ...
නල්ල මලේ ඉංජිනේරුවන් ටිකක්... ලෝකයේ අනෙක් රටවල් 2030 වෙනකොට පොසිල ඉන්ධන භාවිතය නතර කරන්න සැලසුම් කරනවා. මෙයාලා ගල්අඟුරු පුච්චගෙන, කොළඅතු අඳින්න හදනවා.
ගල් අඟුරු ආදි කල්පික ඉන්ධනයයි. ප්‍රවාහන ගාස්තු, ගොඩ බෑම්, පරිසර හානි, අකාර්යක්ෂමතාව ආදී ප්‍රශ්න ගත්විට ලාභයක් නැත. නමුත් එයින් සෑම ඇණවුමක් වෙනුවෙන්ම පගා ගන්න පුලුවන්. සූරිය හෝ සුළං ශක්තිය ලංකාවට සුදුසුයි. ඒවා සෑම වෙලාවේම නැති නිසා ජලවිදුලිය ගබඩා කිරීමට ගත හැක. ඉතිරිය දැන් තියෙන ඩීසල් බලාගාර වලට බාර කළ හැක...
තව ගල් අගුරු බලාගාර අනවශ්‍යයි... එ් සඳහා යන වියදමින් අඩකින් සූර්ය පැනල සවි කොට අවශ්‍ය විදුලිය නිපදවා ගත හැක.. ගල්අඟුරු ප්‍රමෝට් කරන්නේ කොමිස් වලට මිස අපිට අාදරේට නොවේ...
අපි තවම දියුණු වෙමින් පවතින රටක්, බැලූ බැල්මට පරිසර හිතකාමී ක්‍රමවේද හොඳයි. නමුත් ගණන් වැඩියි, හරියට කාබනික වගාව වගේ, පරිසර හිතකාමී තමයි, නමුත් වියදම් වැඩියි, මේ සම්බන්ධව පිටතින් ඉන්න අපිට වඩා ඒ සම්බන්ධ ඉන්ජිනේරුවන් දැනගතයුතුයි... ඔවුන්ගේ කාර්ය වියයුත්තේ පාරිභෝගිකයා මෙන්ම පරිසරයද රැකගැනීමයි.. පරිසර හිතකාමී කියා අපි වැඩිපුර විදුලි බිලක් ගෙවීමටද සූදානම් නැත..
සමකය ආසන්නව ඉන්න අපට තියෙන හොඳම නොමිලේ ලැබෙන ඉන්ධන තමයි හිරු එලිය. අවුරුද්ද පුරාම දවසට පැය දහයක් පමණ හිරු එලිය ලැබෙන රටවල් ලෝකයේ තියෙන්නේ බොහොම ටිකයි.. ඒ නොමිලේ ලැබෙන දෙයින් යමක් සාර්ථක කරගන්න බැරි අසාර්ථක මිනිස්සු අපි.... අනිවාර්යෙන් ගෘහස්ථ පරිභෝජනය සඳහා සෝලා පැනල් වලට සහනයක් ලබා දෙන්න, පාවිච්චිය අනිවාර්ය කරන්න. ගෙවල් වල දවල් කාලෙට විදුලි පරිභෝජනය අඩු නිසා සූර්ය බලයෙන් ජනනය කරන සියලුම විදුලි බලය පද්ධතිය හරහා කර්මාන්ත වලට ලබා දෙන්න පුළුවන්. රාත්‍රී කාලයට අවශ්‍ය කරන විදුලි බලය පමණක් ඉන්ධන දහනයෙන් ලබාගෙන පද්ධතිය හරහා නිවෙස්වලට සම්ප්‍රේෂණය කරන්න...
සුළං බලාගාර තව දුරටත් වැඩි දියුණු කරන්න පුළුවන් ප්‍රදේශවල ඒවා සවිකරන්න පුළුවන්... මන්නාරම, හපුතලේ, ඉදල්ගස්හින්න, වැලිගෙපොල වගේ මධ්‍යම කඳුකර බටහිර බෑවුම් කොටස වගේ ස්ථාන ගොඩක් තියෙනවා..