(ඩයනා උදයංගනී)
තම අත්සන ව්‍යාජ ලෙස භාවිතා කර මෙවර මැතිවරණයට නාම යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි පවසමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (24) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිල්ලක් කළේය.
දෙහිවල ගල්කිස්ස සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අත ලකුණ යටතේ අපි ඉදිරිපත් නොවූ බවත්, තමා එවැනි නාමයෝජනා පත්‍රයකට අත්සන් නොකළ බවත් කී මන්ත්‍රීවරයා කිසිවකු විසින් තම අත්සන ව්‍යාජ ආකාරයෙන් යොදා කොළඹ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා වෙත නාමයෝජනා පත්‍රයක් භාර දී ඇතැයි ද පැවසීය.
තම අත්සන හොරට ගැසූ අය මෙන්ම අනුබල දුන් අය සොයා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා තමන් මෙම පැමිණිල්ල කළ බවද ජයසේකර මහතා සඳහන් කළේය.
මෙය කූඨ ලේඛන සැකසීම යටතේ කර ඇති බරපතල වරදක් බව ද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලෙසින් මෙම නාමයෝජනා පත්‍රය භාර දී ඇත්තේ සමන් අලගේෂ්වර නැමති අයකු බවත් ඔහුට එය ලබාදුන්නේ කවුරුන්ද යන්න තමන් නොදන්නා බවත් මන්ත්‍රීවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 04
604
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
515
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
430
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දයාසිරි සී.අයි.ඩී යයි