(කේ. බුද්ධික කුමාරසිරි )
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල හේවාගම පිවිසුමේ සිට කොතලාවල පිවිසුම දක්වා ආරක්ෂිත වැටෙන් කිලෝ මීටර් දෙකකට ආසන්න ප‍්‍රමාණයක් සොරෙන් කපා විකිණූ පුද්ගලයින් පස්දෙනෙකු අද (26) අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි.
දක්ෂිණ අධිවේ මාර්ගයේ මෙහෙයුම් නිලධාරීන්ගෙන් ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් පස්දෙනා විසින් දක්ෂිණ අධිවේගී මාර්ග ආරක්ෂිත වැටෙහි මීටර් 1800 ක ප‍්‍රමාණයක තිබූ දැල හා ජී.අයි බට සොරාගෙන ගොස්, යකඩ භාණ්ඩ මිලදී ගන්නා මාලබේ හා කඩුවෙල වෙළඳසැල් දෙකකට විකුණා තිබියදී සොයා ගැනීමට හැකි වී ඇත.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කඩුවෙල හේවාගම ප්‍රදේශ පදිංචි වයස අවුරුදු 30 -- 37 ත් අතර පුද්ගලයින් පස්දෙනෙකි.
සැකකරුවන් කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අධිවේගී මගේ ආරක්ෂිත වැට සොරෙන් කපා විකිණූ 5ක් දැලේ
Nandalal DE SILVA - France Monday, 26 August 2019 01:03 PM
පින්තූරයේ හැටියට නම් මෙය අපේ ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගයක් යයි කියා සිතීමට අමාරුයි. මා අවසන් වරට අපේ රටේ අධිවේගී මාර්ගයක ගමන් කරේ 2016 ජූලි මාසයේදී. මට මතක හැටියට නම් එදා ඒ මාර්ගවල තිබුනේ මංතීරු 2ක් සහ හදිසි අවස්ථාවකදී නැවතීම සඳහා මංතීරුවක් පමණයි ! කොහොම වුණත් එදායින් පසුව අලුත් මංතීරු එකතු කළාද දන්නේ නැහැ. මහජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් රජය ගන්නා වැඩසටහන් කඩාකප්පල් කර බඩ ගෝස්තරය සපයා ගන්නා මෙවැනි හොරුන්ටත්, එම හොරබඩු මිලදී ගන්නා කුඨ වෙළඳුන්ටත් දැනට තිබෙන නීති සිල්ලර වැඩිය !!! එම නීතිතවත් දැඩි කළ යුතුයි...!!!
kolam bossMonday, 26 August 2019 02:31 PM
අදටත් දැනට තියෙන අධිවේගී මාර්ග සියල්ලේම වාහන ගමනාගමනයට තියෙන්නේ මංතීරු 2 යි. අධිවේගය අවසන් කර පිටවෙන මුදල් ගෙවන ස්ථානවල පමණක් තීරු ගොඩක් තියෙනවා. නමුත් පෑලියගොඩ පමණක් කිලෝ මීටර් 3- 4 ක් පමණ මංතීරු 4ක් තියෙනවා. නමුත් මේ පින්තූරයේ තියෙන්නේ එම ස්ථානය නෙමෙයි. ඒ නිසා මේ පින්තුරය විදේශ රටක ස්ථානයක් හෝ පරිගණක ආකෘතියක් බව පැහැදිලියි.
sharm warnTuesday, 27 August 2019 03:32 AM
අයියෝ ..පින්තුරේ විග්‍රහ කරන්න නෙමේ. ප්‍රවෘතියෙන් කියන දේ ගැන හිතන්න . මංතීරු ගණන් නෙමේ ප්‍රශ්නේ .. ආරක්‍ෂිත වැටෙන් කොටසක් හොරෙන් කපාගෙන.
yahooMonday, 26 August 2019 08:19 PM
පින්තුරේ වැඩක් නැහැ. සිද්දිය බලන්න.
anura Monday, 26 August 2019 01:22 PM
මෙම පුද්ගලයින්ට හා බාහිරව මෙයට සම්බන්ධ පුද්ගලයින් වේ නම් ඔවුන් සියල්ල අල්ලා උපරිම දඬුවම් දිය යුතුයි.
පුරවැසියා Monday, 26 August 2019 01:44 PM
අධිවේගී මගේ ආරක්ෂිත වැට සොරෙන් කපා විකුණූ 5ක් සහ දැනදැනම සොරබඩු, යකඩ භාණ්ඩ මිලදී ගත් හා කඩුවෙල වෙළඳසැල් 2කටත් වසර කිහිපයක අමතක නොවන දඬුවමක් නොදුන හොත් අනාගතයේ මෙවැනි ක්‍රියාවන් නැවත්වීමට හැකිය.
Prabha Monday, 26 August 2019 02:15 PM
ඉතින් රටක් දියුණු වෙයිද?
Amila Monday, 26 August 2019 04:28 PM
රටක් ඉතින් දියුණු වෙයිද? මේවා රාජ්‍ය දේපොළ... ඒ යටතේ දඬුවම් කරා නම් ඇපත් නෑ. කොහොමත් ගොඩ එන්න බැරිවෙන්න ලොකු දඩයක් ගහන්න ඕනෑ. හැබැයි ඉතින් ලොක්කෝ බැංකු කොල්ලකද්දී, ආණ්ඩුවේ සල්ලිවලින් සොහොන් හදද්දී මේවා මොනවද නේද?
kumar Monday, 26 August 2019 04:43 PM
ලංකාවේ විතරක් නොවේ ඇමෙරිකාවෙත් රාත්‍රී කාලයේ ලෝහ සොරකම කරනවා. වැඩි පුරම සොරකම් කරන්නේ තඹ කම්බි, යකඩ නාම පුවරු වගේ දේ. හොරට නම් යකඩ රාත්තලකට සුලු මුදලක් ලැබෙනවා. නමුත් අලුත් වැටක් සවිකරන්න ලක්ෂ ගණනක් වියදම් වෙනවා. ඇමෙරිකාවේ අධිවේග මාර්ගවල ආරක්ෂක වැට කපන්න ගිය කෙනෙක් ආපසු පණපිටින් ආවොත් පුදුමයක්. ඒ කියන්න වාහන නැති වෙලාවක් නැහැ. සැමදෙනාම ගමන් කරන්නෙ පැයකට කි. මි. 140 විතර වේගයෙන්. ලංකාවේ මේ තරම් ජංගම දුරකථන තිබෙන නිසා මේ වැනි සොරකම් ගැන නිර්නාමිකව ඔත්තු දෙන්න හැකි ක්‍රමයක් ඇති කරන්නෙ නැත්තේ මොකද? එවැනි ඔත්තුවලට රහසිගතව තෑගී දෙන්න වටිනවා. මෙරටේ නම් එම ඔත්තු දෙන අය "password " දෙන්න ඕනෙ. මුදල් ලබාගන්න එම වචනයම පාවිචිකරන්න ඕනෙ.
Prabha Monday, 26 August 2019 11:15 PM
කියන්න හදන්නේ ඇමෙරිකාවෙත් වෙන හින්දා ලංකාවේත් කමක් නෑ කියලද?
de silva Monday, 26 August 2019 04:51 PM
ඕක ඇතුලේ කොපමණ පොලිස් වාහන සහ අධිවේගී මාර්ගයේ නඩත්තු කටයුතු සදහා වාහන එහෙ මෙහෙ යනවද ? කිලෝමීටර 2 දුරට වැටවල් වල කණුත් කපන යනකම් මෙම නිලධාරීන් නිදා ගත්තද ?අනිවාර්යයෙන්ම මේකේ වැඩ කරන කවුරුහරි මේකට සම්බන්ධ ඇති
wije Monday, 26 August 2019 05:06 PM
සුපිරි වැඩ කාරයෝනේ ලංකාවේ ඉන්නේ.
isurandi Tuesday, 27 August 2019 05:03 AM
ඒක තමයි මටත් පුදුමේ. කිලෝමීටර් දෙකකට ආසන්න ප්‍රමාණයක් හොරෙන් කපනකම් කාටවත් මේ ගැන හෝඩුවාවක් ලැබුනේ නැද්ද?
vipula Tuesday, 27 August 2019 09:27 AM
දේශපාලකයන් මහජන චන්දෙන් පත්වෙලා කරන්නෙත් මේවගේ දේවල්මේ නේ . මේ දෙගොල්ලෝ අතර වෙනසක් නැහැ . රටේ තිබෙන දේවල් විකුණා කොමිස් ගැනීම .
Rohana Tuesday, 27 August 2019 05:14 PM
මෙන්න ලක්දෙරණේ පහල වූ දක්ෂ ලක් පුතුන්. මේවගේ පොදු දේපල වනසන කාලකන්නි එවුන්ට දැඩි දඬුවම් දිය යුතුය්.