
(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් මිල අද (5) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට තීරණය කළ බව එම සමාගම පවසයි.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250 කින් ද, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100 කින් ද, කිලෝග්‍රෑම් 2.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 45 කින් ද, ඉහළ දැමූ බව එම සමාගම සඳහන් කරයි.
මෙම මිල ඉහළ දැමීමත් සමග කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 4,610 දක්වා ඉහළ ගිය බවත් කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1850 දක්වා සහ කිලෝග්‍රෑම් 2.5 සිලින්ඩරය රුපියල් 860 දක්වාත් ඉහළ ගිය බව එම සමාගම සඳහන් කරයි.
COMMENTS
මළ හත්තිලවිවයි, කිරි අප්පට බල්ලො පැනපි. අනේ මගේ හිත් පොජ්ජට මන්දෙ වෙලා තිබුනෙ අනිද්දා දුරැත්තෙ මහ පෝයට මගෙ රත්තරං තාත්තට පිංසිද්ද වෙන්න පංසලට ගෑස් සිලින්ඩරයක් පූජා කරන්න. වැඩෙි නං ඉතාම තුච්ඡයි. මෙහෙම කිවිවයි කියල වැඩක් තියේද? ඒ වුණාට ඊළගට මිළ අඩු කරන තුරාවට මගේ මනසෙ වැඩ කරන පුස්සගෙ, මෑණි තොමෝගෙ රෑපකාය අනේ! මට නිතරම සිහි පත් නොවෙිවා!!!
වත්මන් සභාපති හඳට ගිහින් එතනින් ගෑස් ගෙනත් තිබුණා. දැන් කිසිම ලැජ්ජාවක් නැතිව ඒ මිල වැඩි වුණා. මුන් රට ජෝකර්ලා.!!!!!!