
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ‘නිල වෙබ් අඩවිය’ නිසි පරිදි යාවත්කාලීන නොකිරීම නිසා දුම්රිය ගමන්වාර තොරතුරු ඇතුළු සියලු සේවා සම්බන්ධයෙන් එම වෙබ් අඩවිය හරහා තොරතුරු ලබා ගන්නා ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රවාහන අමාත්‍යවරයාට ලිඛිතව දැනුම්දී තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමට වෙනම කාර්ය මණ්ඩලයක් කටයුතු කරන බව කියන දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා දුම්රිය දෙපාර්තමේන්තුවේ සියළුම නිල තොරතුරු එම වෙබ් අඩවියේ පළ කිරීම සහ එමඟින් කාර්යක්ෂම ලෙස මගී ජනතාව දැනුවත් කිරීම අරමුණ වුවත් එම අරමුණ මේ වන විට අමතක කර දමා ඇති බවට නිරීක්ෂණය වන බව ද සඳහන් කරයි.
මෙම වෙබ් අඩවියේ පළ කර ඇති දුම්රිය කාලසටහන නිවැරිදි ලෙස යථාවත් නොවීම ප්‍රධානම ගැටළුවක් යැයි කියන කසුන් චාමර මහතා සඳහන් කළේ දැනට එහි ඇති කාලසටහනේ දෝෂ ගණනාවකින් යුක්ත මෙන්ම කිසිඳු නව දුම්රිය ගමන්වාර සංශෝධනයක් එයට ඇතුළත්ව නැති බවත්ය.
මෙම තත්වය පිළිබඳව බලධාරීන් කොතෙක් දැනුවත් කළ ද ඔවුන් තුළ ඇති ‘තාක්ෂණික භීතිය’ නිසා දෝ ඒ පිළිබඳ කිසිඳු අවධානයක් යොමු නොකරන බව ද වැඩි දුරටත් කීය.
2025 නොවැම්බර් මස 04
362
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2160
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1640
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දුම්රිය නිල වෙබ් අඩවියේ තොරතුරු පරණයි
Prabha Monday, 03 October 2022 09:24 PM
වෙලාවට කෝච්චියක් දුවාගන්න බැරි මිනිස්සුන්ගෙන් ඔයිට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?
Duminda Tuesday, 04 October 2022 05:30 AM
දුම්රියේ වැඩට තවත් කාලකන්නි 6,000ක් විතර මදි කියල නිව්ස් එකක් සතියකට කලින් දැක්කා. මේකෙන් පේනවා ඉන්න අයත් වැඩ කරන්නේ නැහැ කියල. තව බදවා ගන්නේ නැතිව මේක දැන්වත් විකුණලා දාන්න