
(යොහාන් භාසුර)
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හල්ටන් මහත්මිය සමඟ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බලශක්ති අර්බුදය පිළිබඳව සාකච්ඡා කළේය.
පුනර්ජනනීය බලශක්තිය, ගල්අඟුරු බලශක්තියනේ ඉවත්වීම, ඉන්ධන සැපයුම ස්ථිර කිරීමට සැලසුම් සකස් කිරීම සහ සංචාරක කර්මාන්තය සඳහා ඉන්ධන සැපයීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙහිදී මහකොමසාරිස්වරිය සමඟ සාකච්ඡා කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
COMMENTS
ශ්රී ලංකාව මුහුණ දී සිටින බලශක්ති අර්බුදය, ආර්ථික අර්බුදය ඇතුළු සියලු අර්බුද පිළිබඳව විදේශ රටවල් සමඟ සකච්ඡා කිරීමට පෙර රටේ පවතින දේශපාලන අස්ථාවරත්වය සහ දේශපාලන ගැටළු සඳහා පළමුව විසඳුම් ලබාදිය යුතුවේ.
48 අයව යවලා දැන් පස්සෙන් යන්න හදනවා. හොඳ වැඩේ ...
කරන සාකච්ඡා තරමට, ගහන ප්ලෑන් තරමට මෙහෙම පෝලිම් තියෙන්නේ කොහොමද අප්පා...? පිස්සු වගේ...
මෙයා දන්නේ සාකච්ඡා කරන්න පමණයි. රටට වෙන සෙතක් නම් නැහැ.
එක්සත් රාජධානිය එක්ක කතා කරන එකෙන් වැඩක් වෙන්නේ නැහැ.. ඒ අයටත් ඉන්ධන නැහැ. ගිහිල්ලා පුටින්ට ඒගැන කියන්න... මෝඩ වෙන්නේ නැතුව.
රටේ සල්ලි කාලා ආවද?
නිකම්ම නිකම් පුස් වෙඩිල්ලක්... කට ඇරියොත් පත කෙබරයක් කියන්නේ. ඔයාගේ ඔක්කොම වැඩ ට්වීටර් වලින්. අනේ මගේ කට...
හිටගෙනද?????