(ඉන්දිකා රාමනායක)
තවුහිත් ජමාත් සංවිධානයට අයත් බවට සැකකරන ටී 56 අවි දෙකක් ඇතුළු භාණ්ඩ රැසක් වාලච්චේන මීරාඔඩෙයි ප‍්‍රදේශයේ හා කුඹුරුමුල්ල කජුවත්ත ප‍්‍රදේශයෙන් සොයාගත් බව පොලිසිය කියයි.
මෙම ටී 56 ගිනි අවි දෙක අගල් 4 හා අගල් 6 පී.වී.සී ප්ලාසිටික් බට දෙකක දමා දෙපැත්ත ආවරණය වන ලෙස සීල්කර තිබූ බවද පොලිස් ආරංචි මාර්ග කියයි.
වාලච්චේන පොලිසියට ලැබුණු තොරතුරක් මත අගල් 4 පී.වී.සී නලයක බහා තිබූ ටී 56 ගිනි අවියක්, උන්ඩ 15 ක් සහ මැගසින් 2 ක් සොයාගත් බව පොලිසිය සඳහන් කළේය.
කඹුරුමුල්ල කජුවත්ත ප‍්‍රදේශයේ වළ දමා තිබූ අගල් 6 ක පී.වී.සී නලයක් තුළ ටී 56 ගිනි අවියක් බහා තිබු බවද පොලිසිය පවසයි.
එහි වළා දමා තිබූ සෙසු භාණ්ඩ අතර ෂොට් ගන් වර්ගයේ ගිනි අවියක්, පතුරම් ගැබ් දෙකක්, ජෙලෙග් නයිට් කරල් 4 ක්, ඩෙනේටර් 9 ක්, සේවා නුල් ඇතුළු උපකරණ රැසක් තිබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකෝ මේ අල්ලන්න බඩුවලට අයිතිකාරයන් නැද්ද..? ඔක්කොම ඕපපාතික වගේනේ... කඩු ළිංවලයි.. වලවල් වලයි, කුණුගොඩවල්වලයි. මේකත් නිකං විකට නාට්‍යයක් වගේ...?
කරුණාකර ඊළඟ බොම්බේ පුපුරනකල් ඇපදෙන්න,
රටේ ආරක්ෂාව සම්බන්ධව අත්දැකීම් සහිත පළපුරුදු නායකයෙකු ඉතා අවශ්‍යයි. එසේ සිටියා නම්, මේ අවි ආයුධ ගෙනත් දැමීමට ප්‍රථම අදාළ අයත් සමගම අල්ලා ගන්න තිබුණා. අපේ සියලු ආරක්ෂක අංශ, බුද්ධි අංශ, පොලීසිය හා රහස් පොලීසිය කොතරම් දක්ෂ උනත්, ඔවුන් මෙහෙයවන්නා ඔවුන්ට වඩා පළපුරුදු අත්දැකීම් ඇත්තෙකු විය යුතුමයි. තිත්ත වුනත් ඇත්ත එයයි.
ඇගිලි සලකුණු ගන්න . මේවා අල්ලන්න එපා අත් වැසුම් නැතුව.