
(යොහාන් භාසුර)
දුම්රිය නියාමකයන් සහ එනජින් රියදුරන් වාහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ වර්ජනයක් ආරම්භ කළ බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.
දුම්රිය සේවකයන්ට සේවයට වාර්තා කිරීම සඳහා ඉන්ධන නොදීමට විරෝධය දක්වමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබේ.
ඉන්ධන අවුලකින් දුම්රිය සේවා අඩපණ වෙයි
2022 ජුලි මස 01
ප.ව. 12:36
(යොහාන් භාසුර සහ මහින්ද නිස්සංක)
සියලුම දුම්රිය අද (01) දිනයේ ප්‍රමාද වීමට හෝ අවලංගු වීමට ඉඩ ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
අද පෙරවරුවේ ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය ද 30 කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කළ බවත් දුම්රිය රියදුරන්, නියාමකයන්, සුථානාධිපතීන් ඇතුළු සෙසු අත්‍යවශ්‍යම සේවයන්ට සේවා ස්ථාන සඳහා පැමිණීමට දුම්රිය නොමැතිවීමෙන් මෙම තත්වය උදාවී ඇති බව එම නිලධාරියා වැඩි දුරටත් කීය.
COMMENTS
මේ රට හදන්න නම් අනිවාර්‍යෙයෙන්ම මේ සියලු ආයතන පුද්ගලීකරණයට ලක්කළ යුතුයි. රජයෙන් වැටුපත් අරගෙන අවසානේ පෙන්ශන් එකකුත් ගන්නවා. හැම වරප්‍රසාදයක්මත් ලබාගන්නවා. හැමදාම මහජනතාව අපහසුතාවයට පත්කරනවා...!
වැඩ වර්ජන කියන්නේ අපේ රටට තියෙන ප්‍රධනම හූනියම... මේ හූනියම කපනතුරු රට ගොඩදාගන්න බෑ...
කරුණාකර මෙවැනි වැඩවර්ජන සාාරණ නැහැ, මොකද කිසිම පත්වීමේ ලිපියක නැහැ රාජකාරියට වාර්තා කිරිම සඳහා වාහන සදහා තෙල් ලබාදෙන බවට, එ වෙනුවට ඇත්තෙ තෙල් සඳහා මුදලක් ලබාදෙන බවයි.