(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටි භූතාන ජාතික සිසුන් 86 දෙනෙකු රැගෙන යෑම සදහා එරට සිට විශේෂ ගුවන් යානයක් අද(30) දහවල් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණි.
භූතානයේ බෙල්විව් ගුවන් සේවයට අයත් බී - 3722 දරන මෙම ගුවන් යානය අද දහවල් 11.20 ට භූතානයේ පාරෝ ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් යානය එයා බස් වර්ගයට අයත් ඒ.- 319 වර්ගයේ ගුවන් යානයකි .
මෙම ගුවන් යානය , එම සිසුන් පිරිස ද රැගෙන යළිත් අද දින දහවල් 12.30 ට භූතානයේ පාරෝ ගුවන් තොටුපළ බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ රටවල් කරනවා වගේ අපේ ඉතාලියේ ඉන්න පිරිසත් ගෙන්වාගන්න.