ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වසර හයක කාලයක් සේවය කරන අනියම් , ආදේශක සහ තාවකාලික සේවකයින් ස්ථිර කරන ලෙස ඉල්ලමින් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය අද (10) විරෝධතාවක නිරතවූහ.
කොළඹ 10 ඕල්කට් මවතේ පිහිටි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ මූලස්ථානය ඉදිරිපිට දී මෙම විරෝධතාව පැවැත්විණි.
දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සාමාජිකයන් දෙදෙනකු
දුම්රිය මූලස්ථානයේ පිහිටි ගොඩනැගිල්ලක වහලය මත නැග විරෝධතාවයට සහයෝගය දැක්වූහ.
(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)



COMMENTS
ඔන්න සීබී රත්නායක ඇමතිතුමාට වැඩ තියෙනවා. ඇවිල්ලා මේ අයට මුහුණ දෙන්න.
විරෝද වලට නම් කට්ටිය ඉන්නවා ඕනි තරම්. හැබැයි කෝච්චියක් වෙලවාට යවන්න කිව්වොත් ???
ජනාධිපතිතුමා ගිහින් බලන්න ඔෆිස් ට්‍රේන් එකක. කවදාවත් වෙලාවට වැඩ කරන්නෙ නැ. වෙලාවට එන්නෙ නැති රියදුරන්ගෙන් දඩ ගහන ක්‍රමයක් පටන් ගන්න. හැමදාම විනාඩි 10 ක් 15ක් පරක්කුයි.
මේ අය ලා වහල උඩ ඉන්න කොට කෝච්චි කොට උඩද? එළවලා දාන්න. මේ අය නැති වුනා කියලා කෝචිචි සේවය තවත් විනාසෙට යන්න දෙයක් නැහැ.
කොන්ත්‍රාත් පදනමින් සේවයට ගැනිල්ල සාපයක්වෙලා. රාජ්‍ය සේවය පටන් ගත්ත දා ඉඳලා කොන්ත්‍රාත් පදනමින් වැඩට ගන්නවා. පුරප්පාඩු ඇත්තේ නැහැ. ගෙවන්න සල්ලි වෙන් කරලාත් නෑ. ඇමතිවරයෙකු ආවා හැටියම කොන්ත්‍රාත් මත ගැනිල්ල දැන්වත් නවත්වන්න ජනාධිපතිතුමාගේ අවධානය යොමු වේවා.!
ප්‍රයෝගික දේ තමයි පුද්ගලික අංශයට දෙන එක. රටට බරක් නැහැ. මිනිසුන්ටත් හොඳයි.