IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සංවර්ධන නිලධාරීහු වර්ජනයකට සැරසෙති

(බිඟුන් මේනක ගමගේ)

පරිපාලන වියදම් දීමනාව ලබාදීම ඇතුළු ඉල්ලීම් 6ක් මුල්කරගනිමින් දිවයින පුරා රාජ්‍ය සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් හෙට(4) වැඩවර්ජනයක හා උද්ඝෝෂණයක නියැළෙන බව සංවර්ධන නිලධාරී සේවා සංගමයේ කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා ‘ලංකාදීප’ යට පැවසීය.

ඒ අනුව ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අයත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25 හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 336 ක සේවයේ නියුතු 16,000 කට ආසන්න සංවර්ධන නිලධාරීන් පිරිසක් මෙම විරෝධතාවයට එක්වන බව සූරියආරච්චි මහතා කීවේය. 

ගම්පෙරළිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී එම ව්‍යාපෘති සම්බන්ධයෙන් පූර්ණකාලීන රාජකාරී වගකීම දරණ සංවර්ධන නිලධාරීන්ට අදාළ ව්‍යාපෘතියෙන් වෙන්වන පරිපාලන වියදම්වලින් දීමනාවක් ලබා නොදීම, ජනාධිපති ලේකම් කාර්යාලය මගින් මෙහෙයවන ග්‍රාම ශක්ති වැඩසටහන වැඩසටහනට අදාළ රාජකාරියේ යෙදෙන සංවර්ධන නිලධාරීන්ට ලබාදීමට පොරොන්දු වූ රුපියල් 3000 ක දීමනාව ලබානොදීම, 2013 සිට මේ දක්වා පුරප්පාඩු සේවා ස්ථානවල රාජකාරි සිදුකිරීම වෙනුවෙන් සංවර්ධන නිලධාරීන්ට රාජ්‍ය සේවය අනුව හිමිවිය යුතු වැඩබැලීමේ දීමනා මේ දක්වා ලබා නොදීම, 2013 සිට මේ දක්වා මාසික ගමන් වියදම් දීමනාවක් ලබා නොදීම, පිළිගත හැකි සුදුසු ස්ථාන මාරු පටිපාටියක් මෙතෙක් ක්‍රියාත්මක නොකිරීම හා සංවර්ධන නිලධාරීන්ට ව්‍යවස්ථාව අනුව සංවර්ධන විෂය ඇතුලූ සුදුසු රාජකාරී සහිත රාජකාරී ලැයිස්තුවක් 2013 සිට මෙතෙක් ලබා නොදීම අදාළ ඉල්ලීම් හය වේ. 

වසර හයක් තිස්සේ පැවැති මෙම වෘත්තීය ගැටලූවලට අමාත්‍යාංශ බලධාරීන් ඇතුළු ආණ්ඩුවේ දේශපාලන අධිකාරියෙන් විසඳුම් ඉල්ලා සාකච්ඡා වට ගණනාවක් පැවැත්වුවද අදාළ ගැටලූවලට විසඳුමක් නොලැබීම නිසා මෙසේ වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණය වීමට සිදු වී යැයි ද ඔහු කීය.  

කෙසේ වෙතත් අදාළ ඉල්ලීම් හෙට දිනයේදී ලබාදීමට ආණ්ඩුව අපොහොසත් වන්නේ නම් ගම්පෙරළිය වැඩසටහනෙන් හා ග්‍රාම ශක්ති වැඩසටහනෙන් මෙන්ම වැඩබැලීමේ රාජකාරීවලින් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන්නේ යැයි ද සූරියආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (3)

සංවර්ධන නිලධාරීහු වර්ජනයකට සැරසෙති

Gamarala Tuesday, 03 September 2019 10:05 AM

ඔය කියන රාජකාරිවලින් ඉවත් උනා කියල රටට හෝ ජනතාවට පාඩුවක් වෙන එකක් නැහැ. මොකද කෙරෙන රාජකාරියක් නැහැනේ.

:       1       0

bandaraWednesday, 04 September 2019 07:50 AM

ඇත්තටම මොවුන් ලංකාවට කරන සේවය කුමක්ද? මොවුන් රැකියාවට ගන්නට පෙර මේ අය දැන් කරන රාජකාරි මීට වඩා හොඳට සිදුවුණා. සංවර්ධන නිලධාරීන් රාජ්‍ය සේවයට බරක් පමණි. වර්ජනයට සහභාගි වන සියලු දෙනා ගෙදර යැවිය යුතුයි.

:       1       0

Dilan Tuesday, 03 September 2019 11:43 AM

මෙයාලා වර්ජනය කරා කියලා කාටවත් දැනෙන්නේ නෑ. මොකද මෙයාලා කරන සේවයක් නැහැ .

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 648 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 314 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site