(ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ පොලිස් බල ප්‍රදේශයේ පිහිටි සියලුම මත්පැන්හල් විවෘත කිරීමට නොහැකිවන පරිදි මුද්‍ර තැබීමට තලවකැලේ පොලීසිය පියවර ගෙන තිබේ.
කොරෝනා මර්දනය සඳහා රජය ගෙන යන වැඩ පිළිවෙලට සහාය දැක්වීම හා මත්පැන්හල්වල ආරක්ෂාව පිණිස මෙම තීරණය ගත් බව පොලීසිය පවසයි.
ඇතැමි මත්පැන්හල් වල සේවකයන් ඒවායේ ඇතුළත නවාතැන් ගෙන සිටින බව හා පුද්ගලික බඩු භාහිරාදිය තිබෙන බව මෙන්ම මත්පැන්හල්වල සේප්පුවල මුදල් තබා ඇති බව පවසමින් නිරන්තරයෙන් මත්පැන්හල් විවෘත කිරීම හේතුවෙන් නීති වරෝධි ලෙස මත්පැන් පිටතට යාමට ඇති ඉඩකඩ අසුරාලීමත් මෙහි තවත් අරමුණක් වු බව පොලීසිය පවසයි.
මත්පැන්හල්වල සේප්පුවල තිබු මුදල් බැංකු ගත කර ඒවායේ නවාතැන් ගෙන සිටි සේවකයන් ඉන් ඉවත් කර මෙසේ මත්පැන්හල් යළි විවෘත කිරීමට නොහැකිවන පරිදි පොලීසිය විසින් මුද්‍ර තබා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන්න දේවල් ගොඩයි මහත්තයෝ පොලීසියෙන් ඕවට සීල් තියන වෙලාව වෙන කොට පෙරහැර ගිහින් ඉවරයි .ගොඩක් බාර් වලින් මේ වෙනකොටත් පිට තැන් වල තියන් අරක්කු විකුණනවා බෝතලේ රුපියල් 3000යි 3500යි කියලා ඒ වගේ විකුනන එක තැනක් හරි පොලිසියෙන් ඇල්ලුවද ?තාම නෑ මහත්තයෝ