
(ඩයනා උදයංගනී)
පවතින ආර්ථික අර්බුදය හමුවේ බැංකුවල මූල්‍ය තත්වයන් ආරක්ෂා කරගනිමින් ණය ලබාගෙන ඇති ව්‍යවසායකයන් වෙත උපරිම සහන ලබා දෙන්නැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා රාජ්‍ය බැංකු ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
ද්‍රවශීලතාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බැංකු සිය පොලී අනුපාතයන් ඉහළ දමා තිබීම තුළ ඇතැම් ව්‍යවසායකයන් පීඩාවට පත්ව ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා එම පියවර අත්‍යාවශ්‍ය වුව ද ව්‍යවාසයකයන් ආරක්ෂා කර ගැනීම ද අතිශය වැදගත් බව සියඹලාපිටිය මහතා කීවේය.
එබැවින් ශ්‍රී ලංකා මහබැංකුව ලබා දී ඇති මාර් ගෝපදේශ අනුව යමින් අදාළ සහන ලබා දීමට ඇති හැකියාව සොයා බලන්නැයි ඔහු බැංකු ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කළ අතර, මේ සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳව අමාත්‍යාංශය දැනුවත් කරන ලෙස ද රාජ්‍ය බැංකුවලින් ඉල්ලීමක් කළේ ය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රාජ්‍ය බැංකු ප්‍රධානීන් සමග මුදල් අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවැති සාකච්ඡාවකදීය.

2025 දෙසැම්බර් මස 04
507
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
474
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
’’ණයගත් ව්‍යවසායකයන්ට උපරිම සහන දෙන්න’’
Thushari Wednesday, 28 September 2022 03:22 PM
කොරෝනා වසංගතයට පෙර වසර 3ක් 4ක් ඇතුළත ණය ලබාගෙන කොරෝනා නිසා බංකොළොත් වුණු හා ඉන්පසු රටේ ආර්ථික තත්ත්වය හමුවේ ණය නොගෙවීමට නොහැකි වී ඇති ප්‍රධාන හේතුව ගෙවන මුදල් සියල්ල බැංකු විසින් මූලික මුදලින් අඩු නොකොට පළමුව පොළිය කරගෙන දිගින් දිගටම පොළිය නොකඩවා එකතු කරමින් පැවතීමයි. එමනිසා මූලික මුදල මුලින් අය කර ගැනීමට බැංකුවලට උපදෙස් දීම වහා සිදු කරන්න....