(වසන්ත චන්ද්‍රපාල)
මඩකලපුව වව්නතිව් ප්‍රදේශයේ දී පොලිස් නිළධාරින් දෙදෙනෙකු ඝාතනය කිරිම පිළිබඳව තිරුක්කෝවිල් ප්‍රදේශයේ දී තරුණයින් පිරිසක් එක්ව විරෝධතායක් පැවැත්විණි.
තිරුක්කෝවිල් ඔරලෝසු කණුව අසලට එක්වු මෙම පිරිස බැනරයක් රැගෙන යතුරුපැදිවලින් නගරය හරහා ගමන් කරමින් තම විරෝධය පලකරනු ලැබීය.
තිරුක්කෝවිල් ප්‍රදේශයේ ධර්මපාල සිරිපාල මහතා මෙසේ පැවසීය.
අපි ජීවත් වෙන්නේ තිරුක්කෝවිල් ගම්මානයේ අපි යුද්ධයෙන් පස්සේ දැන් නිදහසේ ඉන්නවා. පසුගියදා මඩකලපුව වව්නතිව් ගම්මානයේ දී පොලිස් නිළධාරින් දෙදෙනෙකු ඝාතනය වීම අපි හෙළා දකිනවා. අපිට දැන් මේ පළාත්වල කරදරයක් නැතිව ජීවත්වෙන්න පුලුවන් හොඳට නිදහස තියෙනවා.
ඕනෑම රෑයක හැමතැනම ඇවිදින්න පුලුවන් හැඳුනුම්පත නැතුව වුණත් යන්න පුළුවන්. පොලිස් නිලධාරීන්ට මෙහෙම වෙඩි තිබ්බා නම් අපිට මොනවා කරයිද? ඒක නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ අපරාධය කරපු අය අත්අඩංගුවට අරගෙන නීතිය අනුව දඬුවම් කරන්න කියලා.

2025 දෙසැම්බර් මස 04
201
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
381
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
384
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වව්නතිව් ඝාතනයට එරෙහිව තිරුක්කෝවිල්හි විරෝධතාවයක්