(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)
"සජිත් ප්‍රේමදාස මහත්මයා කිව්වා අඟුණකොළපැලැස්සෙ බන්ධනාගාරයේ රඳවා සිටින රන්ජන් රාමනායක මහතාට අනෙක් සිරකරුවන් සමඟ මිශ්‍රව සිටින විට ආරක්ෂාවක් නෑ කියලා . අපි පසුව වහාම රංජන් රාමනායක මහතා තනි සිරකුටියක රඳවා තැබීමට කටයුතු කළා.’යැයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවසීය.
අද (24) ගාල්ල බූස්ස අධි ආරක්ෂක බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේදී මෙලෙස කීය.
තමා මෙම අමාත්‍යංශය භාර ගන්නා විට බන්ධනාගාරවල රැඳවියන් 30 දාහක් සිටී නමුත් එම ප්‍රමාණය 19,000 ක් දක්වා අඩු කිරිමට මෙම කාලය තුළ පුළුවන් වූ බව ද රාජ්‍ය ඇමැතිවරයා කීය.
බූස්ස බන්ධනාගාරය දැනට අධි ආරක්ෂක කුටි 32 ක් විශේෂිත ගණයේ අපරාධකරුවන් රඳවා තැබීමට තිබෙන බවත් තව මාස දෙකකින් මෙම සංඛ්‍යාව දෙගුණ කර දිවයිනේ සියලුම විශේෂිත ගණයේ අපරාධකරුවන් මෙම බන්ධනාගාරයේ රඳවා තැබීමට අවශ්‍ය පියවර ගැනීමට සැලසුම් කර තිබෙනබවත් රාජ්‍ය ඇමැතිවරයා කීය.
මෙම අවස්ථාවට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය , බන්ධනාගාර කොමසාරිස් ටි.එල් උඩුවරයන මහත්වරු ද එක්ව සිටියහ.

COMMENTS
"බූස්ස බන්ධනාගාරය දැනට අධි ආරක්ෂක කුටි 32 ක් විශේෂිත ගණයේ අපරාධකරුවන් රඳවා තැබීමට තිබෙන බවත් තව මාස දෙකකින් මෙම සංඛ්‍යාව දෙගුණ කර" 225ක් කරානම් හොඳයි.. මොකද වෙන ආණ්ඩුවක් ආවොත් ඔයාලාට ඉන්න ඕනෑ වෙයිනේ...
මොකද රංජන් කියන්නේ... විදේශ පුද්ගලයෙක්ද? ගිය අවුරුද්දේ උසස්පෙළ ලිව්වේ... කුඩු ජාවාරම් කාරයෝ අල්ලපු රංගජීවට ඔහොම පහසුකම් දෙන්න හිතුවේ නැහැනේ... එයාලගේ ආණ්ඩුව කාලේ බොරු වරදකට පටලවලා හිරේ දැම්මා, කුඩු ජාවාරමුන්ට අවශ්‍ය දෙයක් කරගන්න කියලා.
කාවවත් මරපු නැති රන්ජන් ඇතුලේ. 10ක් මරපු පුද්ගලයෙක් එලියේ. ඔන්න ඔහොමයි නීතිය...
සිරකරුවෙකුට ආරක්ෂාව නැතිනම් ඔහුව තනි සිරමැදිරියකට යවනවාද? තනි සිර මැදිරියක දමන්නේ මිනී මැරීම වැනි ලොකු අපරාධ කළ අය නොවේද? මෙවැනි තීරණ ඇමතිවරයාට ගත හැකිද? සජිත් කිව්ව නිසා කළා කියන්නේ සමච්චලයටද? එහෙම නැතිනම් වගකීම සජිත් පිට දාන්නද? මේ සෙල්ලම් කරන්නේ දූෂිත දේශපාලනයට විරුද්ධව හඬ නැගූ මන්ත්‍රීවරයෙක්ගේ ජීවිතය සමග නොවේද?
මෙච්චර කාලෙකට "ඔහුගේ දුකසැප බලන්නට පැමිණ ඇත්තේ දිලිප් වෙදආරච්චි මහතා පමණක් බවත් රාමනායක මහතා එහි ඉන්නා බොහෝ සිරකරුවන් අතර යම් ගෞරවයක් දිනාගෙන ඇතිබවත් එ් නිසා ඔහුට නියමිත "බරපතල වැඩ" අතර පිරිසිදු කිරීමේ කටයුතු මූලික වෙන අතර ඊට වැසිකිළි පවිත්‍ර කිරීමද අනිවාර්ය වෙන බවත් එම කටයුතු වලට ඔහු කැමැත්තෙන් ඉදිරිපත් වුවත් අනෙකුත් සිරකරුවන් ඊට ඉඩ නොදෙන බවත් " අන්තර්ජාලයේ පලවී ඇති වාර්තාවක දැක්වෙනවා. ඔහු හිරගෙදර කෑම වේල කැමැත්තෙන් බුදින බවත්, අනෙකුත් සිරකරුවන්ට පිටතින් ලැබෙන ආහාර ඔවුන් ඔහු සමඟ බෙදා ගන්නා බවත් ඔහුට නිදා ගැනීමට මෙට්ටයක් ලබාගැනීමට කොතරම් අවස්ථාවක් ඇතත් බන්ධනාගාරගත වූ දා සිටම ඔහු රාත්‍රියට නිදා ගන්නේ ඔහුට ලද පැදුර බිම එලාගෙන බවත්" එහි සඳහන් වෙනවා.
ඇත්තටම රංජන්ට තනි කාමරයක් දිය යුතුයි.
අනික් අයව ආරක්ෂා කරගන්න පුලුවන් ඔය වැඩෙන්...
මිනීමරුවන්, පාතාලකාරයන්, ජනතාව ගසාකාපු දූෂිත දේශපාලකයන්, මහාපරිමාණ හොරු නිදහසේ නිදැල්ලේ. එකම රටක, එකම නීතියක්ලු. ලංකාවේ එහෙම වුණත් එංගලන්තේ එහෙම වෙන්නේ නැහැලු....
පව්, අනික් හිර කාරයින් එයාට කරදර කරනවලුද?
මෙවන් පිළිකුල් යුගයක් ලක් ඉතිහාසයේ තිබුණේ නැහැ. මහා පරිමාණයේ දූෂිතයෝ අද රජ සැප විඳිනවා. පාර්ලිමේන්තුවේ බොහෝ දෙනෙක් දූෂිතයින්.. මේ අය අද සිටිය යුත්තේ හිර ගෙදරයි. පාලකයෝ සත්‍යයට මෙතරම් බය මොකද? ලොවම පිළිකුලෙන් අපදෙස බලා සිටින බව අමතක කරන්න එපා.
කෝකටත් සිරමැදිරි ලොකුකරලා හදාගත්තොත් තමයි හොඳ...!!!