(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම මූලික රෝහලට නේවාසික ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණේන රෝගීන්ගේ රසායනාගාර පරික්ෂණ සඳහා පෞද්ගලික රෝහලකට යැවිමේන් රෝගීන්ට අනවශ්‍ය මුදලක් දැරිමට සිදුව ඇතැයි රෝගීහු චෝදනා කරති.
මෙම තත්වය මාපියාවක් බවට පත් කර ඇති බවත් මේ හේතුවෙන් රොගීන් මෙන්ම ඔවුන්ගේ ඥාතීන් අන්ත අසරණ තත්වයට පත්ව සිටිති.
රෝගීන් පවසන්නේ තමන්ගේ රුධිර සාම්පල, මුත්‍රා සම්පල ඇතුළු රෝහල තුළ ඇති රසායනාගාරවලින් කර ගත හැකි සියලු පරික්ෂණ රෝහල තුළ කර ගැනිමේ සියලු පහසුකම් තිබියදී රෝහලේ කිසියම් පිරිසක් මැදිහත් වී අදාල පෞද්ගලික රෝහලට යැවිම නිරන්තරයෙන් සිදුව ඇති බවයි.
මේ සම්බන්ධව පුත්තලම මූලික රෝහලේ අධ්‍යක්ෂ සුමිත් ඇන්ටන් ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසිමේදි පවසා සිටියෙ මෙවැන්නකී.
“ඇත්තටම මෙවැනි තත්වයක් තිබේන බව මටත් වාර්තා වුණා.ඒ ගැන වාර්තා විමත් සමග මේ පිළිබදව අවධානය තදින් යොමු කළා.නමුත් මෙවැනි තත්වයක් නැවත නොවන්නට කිසිම ලෙසකින් රෝහල තුළ කළ හැකි සියලුම පරික්ෂණ රෝහල තුළින් පමණක් කිරීමට මම රසායනාගාරට දැන්වුවා. දැනුවත් කලාට ස්තුතියි එවැනි තත්වයක් නැවත සිදු නොවන්නට අපි කටයුතු කරනවා
COMMENTS
පුත්තලමේ විතරක් නෙවෙයි .රට වටේම වෙන්නෙ ඕක.පෞද්ගලික රසායනාගාර වලින් ලැබෙන අල්ලසට යට වෙලා වාට්ටුවල ඉන්න දොස්තරල නර්ස්ලා ඇටෙන්ඩන්ලා ඔක්කොම පොරකන්නෙ එළියෙන් පරීක්ෂණ කරගෙන එන්න කියල.ඒකත් අපිට ඕන එකෙන් නෙවෙයි ..ඕව ලොකු තැන්වලින් නොදන්නව නෙවෙයි .දැන දැන නිකන් ඉන්නෙ එයාලටත් හොඳට සලකන නිසා.
බොහෝ රෝහල්වල ලොකු ගොඩනැගිලිවල රසායනාගාර තියෙනවා.. ඒ වුණාට රෝහල් අවට තියෙන පෙට්ටි කඩ වගේ තියෙන පුද්ගලික රසායනාගාරවල කෙරෙන තරම් පරීක්ෂණ රෝහලේ කරන්නේ නැහැ..