IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


කින්නියා පුරාවිද්‍යා රක්ෂිතයෙන් සෙල්ලිපියක් හමුවේ

(අමදෝරු අමරජීව)
 
කින්නියා උණුදිය ළිං පුරාවිද්‍යා රක්ෂිතයේ පිළිම ගෙයි කැණීම්වලින්  ක්‍රි. පූ. 3 හා 4 සියවස්වලට අයත් යැයි සැක කරන පූර්ව බ්‍රාහ්මීය අක්ෂර සහිත සෙල්ලිපියක් හමු වූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
 
කොටස් තුනකට කැඩි ඇති මෙම සෙල්ලිපියේ එක් කොටසක් පුරාවිද්‍යා විද්‍යා භූමියට අයත් සීමාවට පිටතින්  සොයාගෙන ඇත. ඉතිරි කොටස් පිළිම ගෙය අතර තිබී සොයාගත් බව ප්‍රාදේශීය පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ඩබ්. එච්. ඒ. සුමනදාස මහතා පැවසීය.
 
පුරාවිද්‍යා දෙපාර්තමේන්තු සෙල්ලිපි අංශයට මෙම සෙල්ලිපිය පිටපත් කර යොමු කිරීමෙන් පසු එයින් ප්‍රකාශ වන්නේ රජ කෙනෙකු ඉදිකළ කූර වැව, මරුද වැව, කලා වැව, පාල වැව යන වැව්වලින් ලැබෙන දිය බද්ද මෙම ස්ථානයේ සංඝයා වෙත පූජා කළ බවයි.
 
දැනට ඒ අසළ කැණීම් කර ඇති දාගැබ හා කැණීම් කරමින් සිටින පිළිමගෙයට අමතරව උණුදිය ළිං අතර සංඝයා වහන්සේලාගේ ආරාමයක් තිබූ බව සාක්ෂි සහිතව තහවුරු වන බවත් මෙම ආරාමය සොයා කැණීම් කරන බවත් සහකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (6)

කින්නියා පුරාවිද්‍යා රක්ෂිතයෙන් සෙල්ලිපියක් හමුවේ

ගල් බමුණා Tuesday, 02 April 2019 11:57 AM

මටනම් මේක ග්‍රීක් වගේ පෙන්නේ. ග්‍රීක ශිෂ්ඨාචාරයට පරණ නෑ කමක්වත් තිබුනද?

:       60       1

sarath Tuesday, 02 April 2019 12:32 PM

වෙන්න බැහැ ඕවට තනි අයිතිය තියෙන අය ඉන්නවා.

:       0       46

rasika Tuesday, 02 April 2019 03:31 PM

මුස්ලිම්වරු කොච්චර දැගලුවත් මේ රටේ බෞද්ධ උරුමය අයින් කරන්න බැහැ. කොතන හැරුවත් සාක්ෂි දරන්නේ බෞද්ධ උරුමයටයි. මේ උරුමය රැකගන්න ඕනේ සිංහල ජනයා විතරක් නෙමේ අනෙක් සියලු ශ්‍රී ලංකික ජනයා මේක රැක ගන්න ඕනේ.. අපේ ඉතිහාසය සහ උරුමය. අවුරුදු 5000 එහා ගිය දියුණු ඉතිහාසයක් ඇති අපි අද අසරණවෙලා ඉන්නේ අපි කවුද කියන එක අපි නොදන්නා නිසා..

:       37       453

Aris Tuesday, 02 April 2019 04:15 PM

අවට සිංහල ගම්මාන කිහිපයකුත් සමගින් ඔය රක්ෂිතයේ ආරාම කිහිපයක් හදලා සංඝයා වහන්සේලාට පුජා කරන්න. ඉස්සර ඉදල තියනවා දැන් නැත්නම් වැඩක් නැහැනේ.

:       35       317

kapWednesday, 03 April 2019 05:44 AM

ඊට ඉස්සරවෙලා ඔය පෑත්තට යන්න කෑමති සන්ගයා වහන්සේලා ටිකක් හොයා ගන්න.

:       0       0

vipula Wednesday, 03 April 2019 04:31 AM

රජ දවස දීප ව්‍යාප්තව ආරාම දාගැබ හැදුවට අද එසේකරන්නට සිංහලයට ඉඩක් නැත. ඒවාට පැමිණෙන්නට තරම් සඟ රුවනක් ද නැත .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1382 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1279 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 465 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site