(අංජුල මහික වීරරත්න)
ජනතාවට සිතාගන්නට බැරි අදහාගන්න බැරි අයවැයක් ඉදිරිපත් කරන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද(24) පැවැසීය.
ජනතාව අපේක්ෂා කරන සහන සියල්ලම මෙවර අයවැයෙන් ලබාදෙන බව කී අමාත්‍යවරයා ලබන පෙබරවාරියේ අයවැය ඉදිරිපත් කරන බවද සඳහන් කළේය.
මුදල් අමාත්‍ය ලෙස මංගල සමරවීර මහතාත් සභානායක ලෙස තමාත් සාකච්ඡා කර අයවැය ඉදිරිපත් කරන දිනය තීරණය කරන බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.
අමාත්‍ය ධුරයෙහි වැඩ බාර ගැනීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
(ඡායාරූප - ශාන්ත රත්නායක)



COMMENTS
අදහගන්න බැරි කියන්නේ ධාන්‍ය රාත්තල් අටක් ධර්මිස්ට සමාජයක් වගේ දෙයක්ද ? රැකියා ලක්ෂ දහයක්, වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් වගේ දෙයක්ද ? ඇමති තුමනි.?
මට හිතෙනවා ඉතියෝපියාවේ පුරවැසිභාවය ඉල්ලගන්න, මේ වගේ බය හිතෙන කතා ඇහෙනකොට.
ඡන්දෙ තියන නිසා රජය පාඩුවට අයවැය ඉදිරිපත් කරලා බලයගන්න. අපිව රවටන්න මදී මේගොල්ලෝ රටට කරපු වින්නැහිය යට ගහලා හගපු සල්ලි එලියට දාලා අපිව ආයෙත් අමාරුවේ දාන්න හදන්නේ.
ඔව් ඔව් අදහා ගන්න බැරි දේවල් තමා ඕගොල්ලෝ කරන්නේ මහජනතාවට.. මොකට කියනවාද..
වැට් ගහලා රට පාලනය කරන්න එපා...
"අදහගන්න බැරි අයවැයක් ඉදිරිපත් කරනවා " කියන්නේ මෙයාලට ඇලඩින්ගේ පුදුම පහන වත් හමු වෙලාද ? එහෙම නැත්නම් ලබන වසරේ ඡන්දවලට ජනතාව රවටන්න කැරට් අල බෙදන්නද හදන්නේ ? එහෙම හැකියාවක් තිබුණා නම් පසුගිය අවුරුදු 3 දී මොකද නොකළේ ? ජනතාවට බදුබර පටවල ජනතාව සුරගෙන කෑවේ මොකද ?
කී දවසකටද කියමු බලන්න, එතකොට හිත හදාගෙන ඉන්න ඇහැකිනෙ
ඕන ගොනෙක් යුද්ධ කරයි මම කිව්වානේ... කිලිනොච්චිය නොව මැදවච්චිය කිව්වානේ.. අලිමංකඩ නොව පාමංකඩ කිව්වානේ ...
නෑවත් වතුර මඩ සමගින් කිරි ඇල්ලේ.... කියනවා කප්පරක් පච පිරිසිදු බව වතුරේ... මොනදේ කියන්නෙත් බඩ රැකුමට මෙමාගේ... එබැවින් නාමි මම කිරි ඇල්ලේ....
මට විනාඩියක් දෙන්න....පුදුම වෙන්න..... !!!
බහුතර ජනයා කුසගින්නේ නිසා ඇමක් දාලා කවරුත් බලය ගන්න ,ඉදිරි ඡන්ද දිනාගන්න සිස්ටම් එකනේ . ලෝකේ නොදියුණු රටවල්වල දුගියන් හරිම ලේසියෙන් රැවටිය හැකිය
අපිත් අදහගන්න බැරි ඡන්ද ප්‍රතිපලයක් දෙනවා.
රටේ ප්‍රශ්න දහසකින් එකක්. රටේ කිසිම සංවර්ධන කටයුත්තක් මේ වනතුරු ඇරඹිලා නැහැ. මගේ රට හැම පැත්තෙන්ම ගමන් කරන්නේ අදුරට. මේ මොහොතේ ජනතාවටත් පැහැදිලි දැක්මක් නැති නිසා ඕනෑම කෙනෙකුට ජනතාව රවටන්න මැජික්වගේ නොයෙකුත් අදහාගන්න බැරි දේ ප්‍රකාශ කරන්න අවස්ථාව.
ඉස්සරනම් මුදල් ඇමති අයවැය සකස් කෙරුවේ රහසිගතව. අයවැය ඉදිරිපත් කරන තුරු කාටවත් කියන්න බැහැ මොනවද වෙන්නේ කියල.
ඔය සහන සලස්වන්නේ මේ මාස දෙකට රට සංවර්ධනය වුන නිසාද? රටේ ජනතාව ඔය උගුල්වල මීට ප්‍රථමත් අසුවෙලා තිබෙනවා. ඕවා එජාපයින්ටම හොඳයි. මේ සහන දෙන්නේ අපෙන් මොනවා ගන්නද කියා අපි දන්නවා.
රටේ සංවර්ධනයක් නොකර ණයට සහ රටේ කොටස් විකුණා ලැබෙන මුදල් වලින් ජනතාව රවටන්න තාවකාලික සහනයන් ලබාදීමෙන් වන්නේ අනාගතයේදී ජනතාව තවත් අමාරුවේ වැටීමයි. එසේම නොවැම්බර් මාසයට පෙර කිව්වේ 2019 ලංකාවට විශාලම ණය වාරික ගෙවන්න තියෙන නිසා ඉතා අමාරු කාලයක් බවයි. දැන් කොහොමද ඒවා සියල්ල වෙනස් උනේ?
ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුලුවන් ඒත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි...
දැනටමත් කරලා තියෙන වැඩ අපට අදහාගන්නවත් බැරි නිසා ඕකත් අදහගන්න බැරිවෙන බව අපට විශ්වාසයි. කවුද දැන් ඕක හදන්නේ... ඔබතුමාද?
ඔය කිරිඇල්ල කෑල්ල මෙයා තරුණකාලේ අහුලගත්ත එකක්. මෙයාගේ පැරණි නෑදෑයෝ කවුරුවත් ඒ නමින් නැහැ.
අපේ ජාතිය ප්‍රාථමික ද?
මේ අවුරුදු 3ටම ඉදිරිපත් කලේ අදහන්න බැරි අයවැය තමයි. අපිට බදු ගැහැව්වා මන්ත්‍රී, ඇමතියන්ට බදු ඉවත් කළා. අපිට ජීවන බර වැඩිකළා. මන්ත්‍රීන්ට පඩි වැඩිකළා. ඔන්න ඕගොල්ලන්ගේ අදහන්න බැරි අයවැය. මොකද මේ සැරේ ජනතාව ගැන දුක හිතුණාද? ඉස්සෙල්ලාම කපනවා මන්ත්‍රී දීමනා, වැටුප් හා වෙනත් වරප්‍රසාද. ඒවා නැතුව ජීවත්වෙන්න බැරිනම් පුළුවන් මිනිසුන් පාර්ලිමේන්තුවට යෝජනා කරන්න. ඉස්සර පාර්ලිමේන්තුවට ආවේ ජනතාවගේ මුදලින් ජීවත් වෙන්නේ නැති මුදල් තිබෙන මිනිස්සු... දැන් ඉස්කොලේ යන කාලේ බයිසිලකයක්වත් නොතිබ්බ හිඟන්නෝ පාර්ලිමේන්තුවට ඇවිත් මහජන මුදලින් BMW වල යනවා.
යනයකා කොරහ විතරක් නොවෙයි මුළු කුස්සියම බිඳගෙන යන්නයි හදන්නේ...