IMG-LOGO

සංස්කෘතික අරමුදල් පනතට පටහැණිව ලක්ෂ 1147ක් හොහලා

(සිරංගිකා ලොකුකරවිට)

මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පාලනය වන ස්ථාන කිහිපයකින් 1980 අංක 57 දරණ මධ්‍යම සංස්කෘතික අරමුදල පනතට පටහැණිව යමින් පසුගිය 2016 ජනවාරි මාසයේ සිට 2019 ජූලි මස 30 වැනි දා දක්වා නීති විරෝධී ලෙස රුපියල් ලක්ෂ 1147ක් අයකරගෙන ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවකින් හෙළි වෙයි.

විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න මහතාගේ අත්සනින් යුතුව මෙම විගණන වාර්තාව 2020 ජනවාරි මස 27 වැනි දින නිකුත් කර ඇත. මෙහි දී විගණනයට ලක්කර ඇත්තේ 2016 ජනවාරි 01 වැනිදා සිට 2019 ජූලි 30 දක්වා ලැබූ ආදායම් පමණි. ඊට ඉහත අයකළ මුදල් මෙම විගණන වාර්තාවට ඇතුළත් වී නැත.

1980 අංක 57 දරණ මධ්‍යම සංස්කෘතික අරමුදල් පනතේ 6(ඉ) ඡේදයට අනුව සංස්කෘතික ත්‍රිකෝණය වශයෙන් හඳුන්වනු ලබන ප්‍රදේශයට ඇතුළුවන ආගන්තුකයන්ගෙන් සහ සංචාරකයන්ගෙන් ප්‍රවේශ පත්‍ර ගාස්තු අයකිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදලට නීතිමය හිමිකමක් ඇත.

එසේ වුව ද මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආදායම් ලැබීමේ ලේඛන අනුව සංස්කෘතික ත්‍රිකෝණයට අයත්වන ස්ථානවලට පිටතින් පිහිටි ගාල්ල, රම්බා විහාරය, අපේගම පරිශ්‍රය, කතරගම, යාපහුව හා බුදුරුවගල යන ස්ථානයන්ට ඇතුළුවන ආගන්තුකයන් සහ සංචාරකයන්ගෙන් ප්‍රවේශපත්‍ර ගාස්තුවක් අයකරගෙන ඇත.

රජයේ විගණකාධිපතිවරයා පවසන්නේ මෙලෙස තම පනතින් ලැබී ඇති බලතල ඉක්මවා විවිධ ස්ථානවලින් ගාස්තු අයකිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල කටයුතු කර ඇති බැවින් එම ස්ථානවලින් ගාස්තු අයකිරීම නීත්‍යානුකූල කිරීම සඳහා කඩිනමින් අවශ්‍ය විධිවිධාන සැළසිය යුතු බවයි.

2016 වර්ෂයේ සිට 2019 ජූලි මස 30 වැනි දින දක්වා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් එම ස්ථානවලින් මුදල් අයකරමින් ලබාගෙන ඇති ආදායම පහත දැක්වෙයි.

විගණන වාර්තාවේ දැක්වෙන පරිදි 2016 වර්ෂයේ දී මෙලෙස මුදල් අයකිරීමේ හැකියාවක් නොමැති ස්ථානවලින් රුපියල් 16,888,847.00ක මුදලක් අයකරගෙන ඇත. 2017 වර්ෂයේ දී රුපියල් 36,082,437.00ක ආදායමක් එවැනි ස්ථාවලින් උපයා ඇති අතර, 2018 වර්ෂයේ දී එම ස්ථාවලින් උපයා ඇති ආදායම රුපියල් 42,600,154.00කි. 2019 වර්ෂයේ ජූලි 30 වැනිදා දක්වා ලැබූ ආදායම රුපියල් 19,176,173කි.

මේ සම්බන්ධයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරී මහතාගෙන් විමසූ විට ඒ මහතා මෙසේ කීවේය.

        ''පනතේ හයවැනි වගන්තියේ (ඉ) හි සඳහන් වනවා මෙහි මින් මතු '' සංස්කෘතික ත්‍රිකෝණය" වශයෙන් හඳුන්වනු ලබන ප්‍රදේශයට ඇතුළුවන ආගන්තුකයන්ගෙන් සහ සංචාරකයන්ගෙන් අය කරනු ලබන ගාස්තුවලින් ව්‍යුත්පන්න වන යම් ආදායමක් හෝ (ඊ) මේ පනත ආරම්භ වන දිනයට පසු අරමුදලට උපචිත වන සියලු මුදල් යනුවෙන් ගිනුමට බැර කළ යුතු බවට මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් ගාල්ල, රම්බා විහාර වැනි ස්ථාන මෙන්ම අපේග්‍රම පරිශ්‍රය යන ස්ථාන සංචාරකයන් හා අමුත්තන් සඳහා විවෘත කළාම ඒවායින් මුදල් අයකිරීම සිදුකළා.

මෙය අද ඊයේ ආරම්භ කළ දෙයක් නොවෙයි. මෙය කර තිබෙන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලයේ තීරණය අනුව. පාලක මණ්ඩලයට පනතින් අරමුදල් පිළිබඳ පරිපාලනය, කළමනාකරණය සහ පාලනය කිරීමේ බලතල පැවරෙනවා. පාලක මණ්ඩලයෙන් දුන් තීරණ අනුව කටයුතු කර තිබෙනවා.

විගණන වාර්තාවේ පවසන ආකාරයට මෙය වැරදි දෙයක් ද කියා විමසා බැලිය යුතුයි. ඉන් පසුව අවශ්‍ය සංශෝධන සිදුකිරීම හෝ වෙනත් පියවර ගැනීම කළ යුතු වෙනවා."

 

 



අදහස් (0)

සංස්කෘතික අරමුදල් පනතට පටහැණිව ලක්ෂ 1147ක් හොහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 179 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 691 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1088 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site