(ඩයනා උදයංගනී)

පිහිටුවන අන්තර්කාලීන ආණ්ඩුවේ දේශපාලන හා ආර්ථික මාර්ග සිතියම කඩිනමින් පැහැදිලි කරනා  ලෙසත්, එය දෙස බලා රජයට කවර මට්ටමින් සහයෝගය ලබා දෙන්නේද යන්න තීරණය කරන බවත් 43 වන සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධූරයට පත්වූයේ ඔබ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ ගෝඨාගෝගම අරගල භූමිය තුළින් දේශපාලන අරගලය තීව්‍ර වීමේ ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් වශයෙන් බැවින් එම අරගල බිමෙන් මතු වූ දේශපාලන ඉල්ලීම් සම්බන්ධයෙන්  දක්වන ප්‍රතිචාරය පැහැදිලි, සංගත හා විනිවිද පෙනෙන ලෙස රට හමුවේ වහාම ඉදිරිපත් විය යුතු බවද රණවක මහතා අගමැතිවරයාට යොමු කළ ලිපියෙහි සඳහන් කර තිබේ.

එම ලිපිය මෙසේය.